ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

සද්ධර්මයාගේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස හේතුවන්නා වූ කරුණු පහක්

 හීනාබෝවේ විමලකිත්ති හිමි
 හිගුල බෝධිමළු විහාරාධිකාරී
 බෙලිගම්මන පොත්ගුල් විහාර විද්යාවර්ධන පරිවෙනාධිපති
සද්ධර්මයාගේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස හේතුවන්නා වූ කරුණු පහක් ඇති බව බුදුන් වහන්සේ වදාළහ. කාශ්යපය මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව පූර්වකව යටහත් පැවතුම් ඇතිව වාසය කරනතාක් ධර්මය කෙරෙහි ගෞරවය සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරන තාක්, සංඝරත්නය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරනතාක්, ශික්ෂාපද කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වසනතාක්, සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරත්ද? කාශ්යපය මේ කියන ධර්ම කරුණු පහ (5) සද්ධර්මයාගේ් පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නා බව බුදුන් වහන්සේ පෙන්වා වදාළහ.
සද්ධම්ම පතිරූපක සූත්රය සංයුක්ත නිකායේ කස්සප සංයුත්තයේ දහතුන්වැනි සූත්රයයි. එක් කලෙක බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර දෙවුරම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක. එකල ආයුෂ්මත් වූ මහාකාශ්යප හිමියෝ බුදුරදුන් අභිමුවට වැඩම කොට බුදුන් වහන්සේට වැඳ එකත් පසෙක සිට මෙසේ භාග්යවතුන් වහන්සේට ප්රකාශ කළහ.
ස්වාමීනි භාග්යවතුන් වහන්ස! යම් හෙයකින් පෙර ශික්ෂා පද ඇති කාලයේ බොහෝ වූ භික්ෂූන් වහන්සේ රහත්ඵලය අවබෝධ කොට ගත්හ. එයට හේතුව හා ප්රත්ය කවරේදැයි විමසීය.
දැන් ශික්ෂාපද ඉතා බොහෝ වෙති. ඉතා ස්වල්ප වූ භික්ෂූන් වහන්සේ රහත් බැව්හි පිහිටියා වූද එයට හේතුව හා ප්රත්ය කවරේදැයි විමසීය. එවිට බුදුන් වහන්සේ දේශනා කළේ කාශ්යපය! මෙය වනාහි මෙසේ සිදුවෙයි. ඒ කෙසේද? සත්ත්වයෝ පිරිහෙන කල්හි සද්ධර්මය අතුරුදහන් වන විට ශික්ෂාපද ඉතා බොහෝ වෙති. එහිදී ඉතා ස්වල්ප වූ භික්ෂූන් වහන්සේලා මඟඵල ලබා රහත් වෙති.
කාශ්යපය යම්තාක් කල් වේ ලෝකයෙහි සද්ධර්ම ප්රතිරූපකයන් හෙවත් (පෙනුමෙන් සද්ධර්මය වැනි පුද්ගලයන්) නූපදීද, ඒ තාක් කල් සද්ධර්මයාගේ අතුරුදහන් වීමක් සිදුනොවේ. යම් තැනෙක පටන් සද්ධර්ම ප්රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැන්නවුන්) උපදීද? එවැනි අවස්ථාවලදී සද්ධර්මයාගේ අතුරුදන්වීම සිදුවන බව බුදුන් වහන්සේ මෙම දේශනාව මගින් පෙන්වාදී ඇත.
යම් කලෙක ජාතරූප ප්රතිරූපකයන් පෙනුමෙන් දර්ශනයෙන් (රත්රන් වැන්නන්) ලෝකයේ පහලවන්නේ ද? නැද්ද? ඒතාක් කල් රත්රනයේ අතුරුදහන් වීම සිදුනොවේ. කාශ්යපය යම් තැනෙක පටන් ජාත රූප පතිරූපකයා (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයේ ජනිත වන්නේ ද අනතුරුව ජාතරූපයාගේ රත්රනයේ අතුරු දහන්වීම සිදුවෙයි.
එහිදී කාශ්යප හිමියෝ පිළිතුරු දෙන්නේ මෙසේ වනාහි යම් තැනෙක්හි සද්ධර්ම ප්රතිරූපකයන් පෙනුමෙන් දර්ශනයෙන් සද්ධර්මය වැන්නන් ලෝකයෙහි උපදින්නේ නැද්ද ඒතාක් කල් සද්ධර්මයාගේ අතුරු දහන්වීමක් සිදු නොවන බව පෙන්වා දී ඇත. එමෙන්ම යම් දවසෙක යම් තැනෙක පටන් සද්ධර්ම ප්රතිරූපකයන් (පෙනුමෙන් දර්ශනයෙන්, සද්ධර්මය වැන්නන් ලෝකයේ උපදීද එවිට සද්ධර්මයාගේ අතුරුදහන්වීම සිදුවන්නකි.
බුදුරජාණන් වහන්සේ එහිදී කාශ්යප මහරහතන් වහන්සේට පෙන්වා දුන්නේ පඨවි ධාතුවට කවරදාකවත්, සද්ධර්මය අතුරුදහන් කළ නොහැක.
ආපො ධාතුවට ද සද්ධර්මය අතුරුදන් කළ නොහැක. තේජො ධාතුව සද්ධර්මය අතුරුදන් නොකරයි. වායො ධාතුව සද්ධර්මය අතුරුදහන් නොකරයි. එමගින් පෙන්වා දෙන පරිදි මේ ශාසනයෙහිම සමාජය තුළම හිස් පුද්ගලයෝ හෙවත් මෝඩ පුද්ගලයෝ උපදිති. එම උපදින පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්වන අතර අතුරුදහන් බවට පත්වෙයි.
නිදසුනක් වශයෙන් පෙන්වාදී ඇත්තේ නැවක් බඩුබාහිරාදිය පිරවීමෙන්ම දියඹේ හෙවත් ජලයේ පහසුවෙන් කිමිදීම කෙරේ. එමෙන් කාශ්යපය මේ සද්ධර්මය වනාහි එසේ පර්යාප්ති, ප්රතිපත්ති පුරනතාක් අතුරුදහන් නොවේ.
මෙම සූත්රය මගින් පෙන්වාදෙන වැදගත්ම ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එහිදී බුදුන් වහන්සේ කාශ්යප හිමියන්ට වදාලේ සද්ධර්මය පිරිහෙන්නා වූ සද්ධර්මයාගේ විනාශවීම පිණිස හේතුවන්නා වූ ධර්ම කරුණු 5 කි. එම කරුණු අතර
* කාශ්යපය මේ සසුනෙහි භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකාවෝ තම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නොමැතිව යටහත් පහත් බවක් නොමැතිව වාසය කෙරෙත්ද?
* ධර්මය කෙරෙහි ගෞරව නොමැතිව යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරත්ද?
* සංඝරත්නය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරත්ද?
* ශික්ෂා මාර්ගය හෙවත් ශික්ෂාපද කෙරෙහි ගෞරව නොමැතිව යටහත් පහත් පැවතුම නොමැතිව වාසය කරත්ද?
සමාධිය කෙරෙහි යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරන තාක් සද්ධර්මයේ විනාශය අතුරුදහන්වීම පිණිස ඉවහල් වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
සද්ධර්මයාගේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස හේතුවන්නා වූ කරුණු පහක් ඇති බව බුදුන් වහන්සේ වදාළහ. කාශ්යපය මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව පූර්වකව යටහත් පැවතුම් ඇතිව වාසය කරනතාක් ධර්මය කෙරෙහි ගෞරවය සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරන තාක්, සංඝරත්නය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරනතාක්, ශික්ෂාපද කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වසනතාක්, සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කරත්ද? කාශ්යපය මේ කියන ධර්ම කරුණු පහ (5) සද්ධර්මයාගේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නා බව බුදුන් වහන්සේ පෙන්වා වදාළහ.
උක්ත කරුණු ඇසුරෙන් 2600 වෙනි. සම්බුද්ධත්ව ජයන්ති සැමරුම ඉහත ප්රතිපත්ති මත පදනම්ව ගොඩනඟා ගතහොත් එය පිළිවෙතින් සපිරි ගුණාත්මක දිවියක් බවට පත්කර ගැනීමට හැකිය. ධර්මය, අධර්මය කරමින් විනය, අවිනය කරමින් මූලික ධර්ම කරුණු වලට එකඟ නොවන දුර්මත ස්වමත ලෙස ඉදිරිපත් කරමින් ඇතමෙක් කටයුතු කළ හැකිය. දහමේ ඇති අර්ථ ව්යඤ්ජන ශූන්ය කරමින් අටුවා, ටීකා ටිප්පණි වැනි සවිස්තර කරුණු ඉදිරිපත් කොට ඇති පොත්පත් බැහැර කරමින් අර්ථ ශූන්ය අදහස් මනඞකල්පිත අදහස් වපුරන ඇතැමෙකුගේ අදහස් වලින් ගම්ය වන්නේ ධර්මයේ විනාශයට එයම හේතුවක් වන බවයි. යකඩය යකඩය තුළම හටගනු ලබන මළ මගින් කා දමන්නා සේ, එවැනි අදහස් දරන්නන් තම තමන්ගේ අදහස් ආකල්ප වලින් විනාශ වන්නේය. බුදුන් වහන්සේ සමාජ ප්රජාවට දේශනා කළ විවිධ සූත්ර දේශනා මගින් අනාවරණය කිරීමට අදහස් කළේ ධර්මය ප්රායෝගික ජීවිතයට ගැනීමේදී ඉතා ප්රවේශම් විය යුතු බවයි. එය වැරදි ලෙස සර්පයකු අල්ලා ගැනීමක් හා සම බව පෙන්වා වදාළහ. ධර්මය කොනකින් අල්ලාගෙන ඒ මත පිහිටා තර්ක විතර්ක ඉදිරිපත් කිරීම අතීන්ද්රිය ප්රත්යක්ෂයෙන් සොයා ගත්තක් නොවෙයි. මෙවන් අය ධර්මය විකෘති කරන්නේ ධර්මය ලියා ඇති ග්රන්ථ ඇසුරු කොට බව අමතක නොකළ යුතුය. නොඑසේ නම් තමන් ලැබූ අපූර්ව ප්රඥාවක් මත නොවන බව සිතට ගත යුතුය.

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X