ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

හිරවුන චක්‍රය


පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය කන්නිමහර-වතුරුගම

භාග්‍යවතුන් වහන්සේ විශ්වය පිළිබදවත්, එහි විනාශය පිළිබඳවත්, සත්වයාගේ වංශකථාව පිළිබඳවත් දේශනා කරමින්, සකස්‌ වූ ධර්මයන් සියල්ලෙහි අනිත්‍යතාව මැනවින් දේශනා කර ඇත. අප සංසාර චක්‍රයක හිරවී ඇත්තේ යථාර්ථය නොදන්නා නිසාය. 

සි‚ බුදුපියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වූයේ අභිභු සහ සම්භව රහතන් වහන්සේලාය. ඉන් අභිභූ රහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩමකර ධර්ම දේශනා කරන විට, බ්‍රහ්මයන් 'බුදු රජාණන් වහන්සේ ජීවමානව ඇති කල් හි අපට ශ්‍රාවකයෙක්‌ ධර්ම දේශනා කරනව' කියා නොසතුට පළකරන ලදී. සි‚ බුදුපියාණන් වහන්සේ එවිට අභීභූ භික්‌ෂුවට පාතිහාර්ය පාමින් ධර්ම දේශනා කරන ලෙස උපදෙස්‌ දෙන ලදී. ඉන්පසු අභීභූ රහතන් වහන්සේ නොයෙකුත් පාතිහාර්ය සහිතව බ්‍රහ්මයන් සංවේගයට පත්කරමින් සහස්‌සී ලෝකධාතුවට හෙවත් චූලනිකා ලෝකධාතුවටම ඇසෙන සේ ධර්මය දේශනා කරන ලදී. එහි දී දේශනා කරන ලද ගාථා දෙකක්‌ මෙහි දැක්‌වේ.

''ආරභථ නික්‌ඛමථ 

යුඤ්ජථ බුද්ධසාසනේ

ධුනාථ මච්චුනෝ සේනං 

නළාගාරංව කුඤ්ජරෝ''

ආරම්භවීර්ය කරවු, නෙක්‌ඛම්ම වීර්ය කරවු, බුදුසසුනෙහි යෙදෙවු, ඇතෙක්‌ බටදඬු ගෙයක්‌ වනසන්නාක්‌ මෙන් මරසෙනඟ නසවු.

'යෝ ඉමස්‌මිං ධම්මවිනයෙ 

අප්පමත්තො විහෙස්‌සති

පහාය ජාතිසංසාරං

දුක්‌ඛස්‌සන්තං කරිස්‌සති''

යමෙක්‌ ධර්මවිනයෙ අප්‍රමාදව වෙසෙන්නේ ද ඔහු ජාතිය හා සංසාරය සුරු කොට දුක්‌ කෙළවර කරන්නේය.

(අරුණවතී සූත්‍රය-ස.නි-බු.ජ 1-278)

ලෝක ධාතු

පසු අවස්‌ථාවක දී ආනන්ද හිමියන් විසින් කොතරම් ලෝක ධාතු ප්‍රමාණයකට භාග්‍යවතුන් වහන්සේට ධර්ම දේශනා කිරීමේ හැකියාව තිබේද? යන්න පිළිබඳ විමසූ විට, ගෞතම භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිතුරු වශයෙන් ලැබුණේÑ'අසීමිතයි' යන්නයි. එහිදී ලෝක ධාතු පිළිබද විස්‌තරයක්‌ බුදුපියාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. 

එක්‌ ඉරක්‌ සහ හඳක්‌ යටතේ ඇති සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හය සහ බ්‍රහ්ම ලෝක විස්‌ස ඇතුලත් තිස්‌ එක්‌ තලය එක්‌ සක්‌වලකි. මෙවැනි සක්‌වලවල් අප්‍රමාණය. අප වෙසෙන සක්‌වලට මගුල් සක්‌වල යෑයි කියනු ලැබේ.

මෙවැනි සක්‌වලවල් දහසක්‌ චූලනිකා හෙවත් සහස්‌සී ලෝක ධාතුවයි.

චූලනිකා හෙවත් සහස්‌සී ලෝක ධාතු දහසක්‌ හෙවත් සක්‌වලවල් ලක්‌ෂ දහයක්‌ ද්විසහස්‌සී හෙවත් මඡ්Cජිමා ලෝක ධාතුවයි.

ද්විසහස්‌සී හෙවත් මඡ්Cජිමා ලෝක ධාතු දහසක්‌ හෙවත් සක්‌වලවල් කෝටි ලක්‌ෂයක්‌ තිසහස්‌සී හෙවත් මහාසහස්‌සී ලෝක ධාතුවයි. බුද්ධ ආඥා ක්‌ෂේත්‍රය වන්නේ මෙම කෝටි ලක්‌ෂයක්‌ සක්‌වල වේ.

භාග්‍යවතුන් වහන්සේ මහා සහස්‌සී ලෝක ධාතුවටත්, අවශ්‍ය නම් ඉන් එහාටත් තම අණසක පැතිරවිය හැකි බවට ආනන්ද හිමියන් ඉදිරියේදී සිංහ නාද කරන ලදී. මෙහිදී ආනන්ද හිමියන් මහත් ප්‍රීතිප්‍රමාදයකට පත්වී, තමන් උපස්‌ථාන කරන ශාස්‌තෘන් වහන්සේගේ ශක්‌තිය පිළිබද ප්‍රීතිඝෝෂා කරන ලදී. 

(අ.නි-බු.ජ1-403)

කල්පය 

කල්පයක්‌ යන්න මෙතරම් ප්‍රමාණයක්‌ ලෙස කාලයක්‌ නිර්ණය කළ නොහැක. කල්පය තේරුම් ගැනීමට භාග්‍යවතුන් වහන්සේ උපමා කීපයක්‌ දේශනා කර ඇත.

යොදුනක්‌ (සැතපුම් 16ක්‌ පමණ) දිග පළල උස කලු ගලක්‌ වසර සියයකට එක්‌ වතාව බැගින් පිස දමන්නේ නම්, ඒ පර්වතය සම්පුර්ණයෙන් ම ගෙවෙන කාලයක්‌ වේද, එනමුත් කල්පය ඉවර නොවේ. (පබ්බත සූත්‍රය - ස.නි-බුජ2-280)

යොදුනක්‌ (සැතපුම් 16ක්‌ පමණ) දිග පළල උස පෙට්‌ටියකට අබ පුරවා වසර සියයකට එක්‌ අබ ඇටය බැගින් ඉවත් කර අබ සිඳුනේද, එනමුත් කල්පය ඉවර නොවේ. 

(සාසප සූත්‍රය - ස.නි-බුජ2-282)

කල්පයෙන් හතරෙන් එක්‌ කොටසක්‌ අසංඛ්‍ය කල්පයක්‌ ලෙස හඳුන්වයි. ඊට අන්තර් කල්ප හැට හතරක්‌ ඇති බව කියවේ. එනම් කල්පයකට අන්තර් කල්ප දෙසිය පනස්‌ හයක්‌ ක්‌ ඇත. මිනිසාගේ ආයුෂ අවු 10ට අඩු වී නැවත ආයුෂ අසංඛ්‍ය - එකයි බිංදු එකසිය හතලිහක්‌ දක්‌වා වැඩි වී නැවත අවු 10 දක්‌වා ආයුෂ අඩු වේ. අන්තර් කල්පයක්‌ යනු මෙසේ අවු 10 සිට අසංෙඛ්‍ය දක්‌වා වැඩි වී නැවත අවු 10 දක්‌වා අයුෂ අඩුවන කාලයයි. 

කල්පයක්‌ තුළ බුදුවරු එක්‌ නමක්‌ පහළ වන්නේ නම් එය සාර කල්පයක්‌ ලෙසද, දෙදෙනකු නම් මණ්‌ඩ කල්පයක්‌ ලෙසද, තිදෙනෙක්‌ නම් වර කල්පයක්‌ ලෙසද, සතර නමක්‌ නම් සාරමණ්‌ඩ කල්පයක්‌ ලෙසද, බුදුවරු පස්‌නමක්‌ නම් භද්‍ර කල්පයක්‌ ලෙසද හැඳින්වේ. බුදුවරු පහළ නොවන කල්ප බුද්ධ ශූන්‍ය කල්ප ලෙස හැඳින්වේ. ගෞතම බුදුපියාණන් වහන්සේ සාරාසංෙඛ්‍යය කල්ප ලක්‌ෂයක්‌ හෙවත් අසංඛ්‍ය හතරකුත් තව කල්ප ලක්‌ෂයක්‌ පාරමී පුරන ලදී. 

සක්‌වල ඇතිවීම

අප වෙසෙන මගුල් සක්‌වලේ තිස්‌එක්‌ තලයෙන් බ්‍රහ්මලෝක දාහතක්‌ ඉතිරි වී අනෙක්‌ කෝටි ලක්‌ෂයක්‌ සක්‌වල කල්පයක්‌ අවසානයේදී විනාශ වේ. කල්ප විනාශයෙන් පසු මෙම කෝටි ලක්‌ෂයක්‌ සක්‌වලටම වර්ෂාවක්‌ පතිත වේ. එහි ශුද්ධාෂ්ඨක අඩංගුය. ඒ තුළින් නැවත පෘතුවිය ඇතුලුරෑ සියල්ල නැවත හටගනී. බුද්ධගයා භූමිය කෝටි ලක්‌ෂයක්‌ සක්‌වලෙහි කේන්ද්‍රයයි. මේවා කවුරුත් මවන ඒවා නොවේ. ස්‌වභාව ධර්මයේ ක්‍රියාවලියකි. මුලින්ම පෘතුවියට ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයන් පැමිණ තමන්ගේ කයෙන් ආලෝක විහිදුවා අහසින් ගමන් කරයි. එහි දී පෘථිවියේ ඇති රසයට ලොල් වන බ්‍රහ්මයන්ට කාමය ඉපදී ශරීර ඝණවී ආලෝක පහව යයි. ඉන් පසු ඉර හද තාරකා ඇති වේ. දැන් බ්‍රහ්මයන් නොව ඔවුන් මිනිසුන්ය. එම මිනිසුන්ගේ මානය උග්‍ර වේ. කෙලෙස්‌ වැඩිවන විට රස පොළොව අතුරුදහන් වේ. පසුව භූමිපර්පටකය (හතු වර්ගයක්‌) පහළ වේ. ඒවා ආහාරයට ගන්නා විට තවත් කය රළු වී මානඅතිමාන ඇතිවී කෙලෙස්‌ වැඩි වේ. ඉන්පසු එම හතු වර්ගයද අතුරුදන් වේ. පසුව බදාලතා නැමති වැල් වර්ගයක්‌ ආහාරයක්‌ ලෙස පහළ වේ. එයද අනුභව කරන මිනිසුන් තව තවත් කෙලෙස්‌ වැඩිකර ගනී. පසුව බදාලතාවත් අතුරුදන් වේ. පසුව දහයියා නැති හැල් වී පහළ වේ. එවා ආහාරයට ගන්නා මිනිසුන්ගේ ස්‌ත්‍රී පුරුෂ භාවය පහළ වේ. ඉන් පසු කාමසේවනය පටන් ගනී. ඊට සමාජය ගරහන නිසා කාම සේවනය සඳහා ගෙවල් සාදා ගනී. උදේ කුඹුරට ගොස්‌ සවසටත් එක්‌ක හැල් කපාගෙන එයි. මෙසේ රැස්‌කිරීම ආරම්භ කරයි. දැන් හැල් කැපූ පසු නැවත හට නොගනී. දහයියා සහිතය. තමන්ගේ කොටස්‌ වෙන් කරමින් පසුව ඉඩම් බෙදා ගනී. ඉන් පසු අනුන්ගේ දේ සොරකම් කරයි. සොරකම් කර බොරු ද කියයි. ප්‍රාණඝාතය පවා කරයි. මෙලෙස කෙලෙස්‌ වැඩි වේ. අසංඛ්‍ය ආයුෂ ක්‍රමයෙන් අඩු වේ. ක්‌ෂත්‍රිය,බ්‍රාහ්මණ,වෛශ්‍යය,ශුද්‍ර යන කුල ඇතිවිය. 

(අග්ගඤඤ සූත්‍රය-දී.නී-බුජ3-136)

මෙලෙස කෙලෙස්‌ වැඩිවෙමින් යන මිනිසාගේ ආයුෂ අවු 10 දක්‌වා අඩු වේ. ඉන් පසු සත්වයන් විශල ප්‍රමාණයක්‌ විනාශ වේ. සීමිත පිරිසක්‌ සීලය තුළ පිහිටයි.ඔවුන්ගේ ආයුෂ නැවත අසංඛ්‍ය දක්‌වා වැඩි වේ. මෙලෙස සත්ව විනාශයන් සිදුවීම අන්තර් කල්ප විනාශයයි.

කල්ප විනාශය

මහාකල්ප විනාශයේ දී මුලින්ම වර්ෂ දස දහස්‌ ගණනක්‌ වර්ෂාව නැති වී සියලු ගස්‌ කොළන් වියලී යයි. සත්වයන් මිය යයි. පසුව වර්ෂ ගණනාවකට පසු දෙවන සූර්යා පහළ වෙයි. කුඩා නදී විල් ආදිය සිදී යයි. තවත් කාලයක්‌ ඇවැමෙන් තුන්වන සූර්යා පහළ වෙයි. ගංඟා, යමුනා වැනි ගංඟා සිඳී යයි. දීර්ඝ කාලයක්‌ ඇවෑමෙන් සිව්වන සුර්යා පහළ වෙයි. අනවතප්ත, සිංහප්‍රපාත යන මහ විල් සිඳී යයි. පසුව පස්‌වන සුර්යා පහළ වෙයි. මහා සමුද්‍රයේ ජලය හරකුන්ගේ පාද සලකුණු මත රැස්‌වූ ජලය මෙන් ස්‌වල්ප වන්නේය. පසුව එයත් සිඳී යන්නේය. ඉන් පසුව හයවෙනි සුර්යා පහළ වෙයි. කෝටි ලක්‌ෂයක්‌ සක්‌වල එකම දුමාරයකි. වලං පෝරණුවක්‌ මෙනි. තවත් දීර්ඝ කාලයකට පසු සත්වන සූර්යා පහළ වෙයි. එහි දී කෝටි ලක්‌ෂයක්‌ සක්‌වල කපුරු මෙන් ගිනිගෙන දැවී යන්නේය. අප සක්‌වලේ ඇති බ්‍රහ්ම ලෝක විස්‌සෙන් දාහතක්‌ ඉතිරි වන්නේය. ඒවායේ මියගිය සත්වයන් උපදියි. නිරයේ සතුන්ගේත් අපරාපරියවේදනීය කර්ම මේ වේලාවේදී විපාක දෙයි. නියත මිත්‍යා දෘෂ්ඨික සත්ත්වයන් කෝටි ලක්‌ෂයක්‌ සක්‌වලෙන් එහා ඇති නිරයන් හි ඉපදෙයි.

(සත්තසුරියුග්ගමන සූත්‍රය-අ.නි-බුජ4-426) 

මෙලෙස හටගත් සියල්ල විනාශ වේ. සංසාරයේ මහා දීර්ඝ ගමනක්‌ අවිද්‍යාව නිසාත් තෘෂ්ණාව නිසාත් ගමන් කරයි. ඇත්තේ එකම ස්‌වභාවික චක්‍රයකි. අප කණුවක බැඳ තබා ඇති බලු කුක්‌කකු වැනිය. මෙලෙස සංසාරයේ යැමෙන් සිදුවන්නේ දුකට පත්වීම පමණි. වහාම මින් අත්මිදීමට වීර්ය වඩමු.

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X