ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

චතුරාර්ය සත්‍ය - ධර්මාවබෝධය 1

දුකින් පිරි සසර

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ 
කම්මට්ඨානාචාර්ය
මාන්කඩවල සුදස්සන හිමි

ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි,
ලොවුතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් මෙසේ දක්වමු. විශේෂයෙන්ම මේ දේශනාව කියවන සෑම දෙනාම බොහෝම ඕනෑකමින් සිතේ නොයෙක් තර්ක විතර්ක ගොඩනඟා ගන්නේ නැතිව, නොයෙක් නොයෙක් අරමුණු කෙරෙහි සිත දුවවන්නේ නැතිව මේ දේශනාව මොකද්ද කියලා හොඳින්ම කියවන්න. මේ ගැන වචන කියවද්දී තමන්ගේ තියෙන අදහස්වලට දහම් කරුණුවත් සිතෙන් විමසන්නේ නැතිව මේ කියන්නේ කුමක්ද? කියලා ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් හොඳට මේ දේශනාවට නැඹුරුවෙලාම කියවන්න.ො
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, චතුරාර්ය සත්‍ය ධර්මය නමැති එකම ධර්මය අවබෝධ නොවීම නිසා, අවබෝධ කර නොගැනීම නිසා මේ සත්ත්ව වර්ගයා මීයන් විසින් කපා අවුල් කරන ලද රෙදි වියන්නන්ගේ නූල් කැටියක් වගේ මනස අවුල් කරගෙන, ඒ වගේම එකට ගෙතුණු කුරුලු කූඩුවක් වගේ ගෙතිලා, පැටළුණු පඹගාලක් වගේ පටලවාගෙන. අසංඛ්‍ය සංඛ්‍යාගත දුක් කෙළවරක් නැතිව සසරේ විඳවනවා කියලා. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය ධර්මය නමැති එකම ධර්මය අවබෝධ කර නොගැනීම නිසා මේ දීර්ඝ වූ සංසාරේ ගමන් කරන අප හැම කෙනෙක්ම මව් මළ දුකට අඬපු කඳුළු ගංගාව සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩියි . සහෝදර , සහෝදරියන් , ඥාති හිත මිත්‍රාදීන් මියගිය දුකට අඬපු කඳුළු ගංගාව සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩියි කියලා බුදුහාමුදුරුවෝ වදාළා. යම් හේතුවකින් අපට මේ චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්නට පුළුවන් වුණොත් මේ සියලුම සංසාර දුක නිමා කරගන්නට පුළුවන්. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මුං ඇටයක් ප්‍රමාණයේ කුඩා ගල්කැට සතක් අරගෙන භික්ෂූන් වහන්සේලාගෙන් මෙහෙම විමසුවා. “මහණෙනි, මේ පෙනෙන හිමාල පර්වතය ද ලොකු? මේ මුං ඇට සතක් පමණ ගල් කැට සතද ලොකු? “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස , මුං ඇට සතක් පමණ වන මේ ගල් කැට සත ඉතා කුඩයි. මේ පෙනෙන හිමාල පර්වතය අති විශාලයි. මහණෙනි, ඒ වගේ දිට්ඨි සම්පන්න වූ චතුරාර්ය සත්‍ය ධර්මය නොහොත් දුක්ඛ සත්‍ය වැටහුනු, අවබෝධ වූ පුද්ගලයාගේ ඉතුරු වූ දුක මුං ඇට සතක් පමණ වන ගල් කැට සත වගෙයි. ඒ උත්තමයාගේ ගෙවුණු දුක මේ හිමාල පර්වතය වගෙයි කියලා වදාළා. එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකර ගන්න, මේ සංසාර දුකෙන් අත්මිදෙන්න බුදුරජාණන් වහන්සේ අපට නොයෙක් ආකාරයෙන් පෙන්වා වදාළා.
මහණෙනි, යම්කිසි කෙනෙක් කිව්වොත් උදේටත් අඩියටි පහරවල් සීයකින් පහර දෙන්න. දවල්ටත් අඩි යටි පහරවල් සීයකින් පහර දෙන්න. හවසටත් අඩියටි පහරවල් සීයකින් පහර දෙන්න. දවසට මේ වගේ පහරවල් තුන්සීය බැගින් ගුටි කකා අවුරුදු සියයක් ජීවත් වුණොත් ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා, අවබෝධ කරනවා කියලා කිව්වොත් වහාම කැමැති වෙන්න. බොහොම ශීඝ්‍රයෙන් කැමැති වෙන්න. ඉක්මනට කැමැති වෙන්න. ඇයි? අවුරුදු සීයකින් පසුව හෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණොත් මේ සසර ඉවරයි. නමුත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවී සසරෙදි අපට වදින, ගුටිකන පහරවල් ගණන දවසට තුන්සියය බැගින් අවුරුදු සීයක් පුරාවට ගුටිකන පහරවල් ගණනට වඩා වැඩියි, ඒක ගණන් කරන්න බෑ කියලා ලොවිතුරා බුදු පියාණන් වහන්සේ පෘතග්ජන අපට බොහොම කරුණාවෙන් වදාළා.
එමනිසා මේ ධර්මයේ වටිනාකම හොඳින් තේරුම් ගන්න. මේ ධර්මය මොනතරම් වටිනවා ඇත්ද? ඉස්සර රජවරු රජකම් අත්හැරියා. සිටුවරු සිටුකම් අත් හැරියා. ඇමැතිවරු ඇමැතිකම් අත් හැරියා. මහා ධනපතියන් ධන ධාන්‍ය, නෑදෑ පිරිස් ඔක්කොම අත් හැරියා. මොකද? සංසාරෙ එතෙර කරවන දුකෙන් නිදහස් කරවීම මේ හැම දේකටම වඩා වටින නිසයි. එහෙමනම් නැවත මතක් කරන්නේ මේ සද්ධර්මය ඉතා ඕනෑකමින් හඳුනාගත යුතු වටිනකමයි.
අපි දහම් කරුණු ටිකක් විමසා බලමු.”එවං තිපරිවට්ඨං ද්වාදසාකාරං යථා භූතං ඤාණ දස්සනංන සුවිසුද්ධං අහෝසි” බුදුරජාණන් වහන්සේ වට්ට තුනක්, ක්‍රම තුනක් , ආකාර තුනක් වදාළා. ඒ තුළ ධර්මතා හතරකින් වරනැඟිලා දොළොස් ආකාරයක් සම්පූර්ණ කළ දවසකට කළයුත්ත, සියලුම ආශ්‍රම ධර්මයන් දුරු කළ, සිංහාසන වූ චේත විමුක්ති , ප්‍රඥා විමුක්ති තමන්ම සාක්ෂාත් කරගත්තු මහා රහතන් වහන්සේ නමක් වෙනවා කියලා වදාළා. ඒ කියන්නේ සංසාර දුක අවසන් කළ කෙනෙක්. එහි මුලින්ම පෙන්වන්නේ සත්‍ය ඥානයයි. “ ඉදං දුක්ඛං අරිය සච්චංති මෙ භික්ඛවෙ පුබේබ අනනුස්සුතෙසු ධමේමසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි විජජා උදපාදි ආලොක උදපාදි තං ඛො පනිදං දුක්ඛං” මෙන්න මේක දුකයි කියලා දහම් ඇසක් බුදුරජාණන් වහන්සේට පහළ වෙලා ලෝකයාට පෙන්නුවා. “ ඉදං දුක්ඛ සමුදයං අරියසච්චං” මෙන්න මේක දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි කියලා සමුදය තේරුම් ගත්තා “ ඉදං දුක්ඛ නිරොධං අරිය සච්චං” මෙන්න මේක දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි කියලා ඉස්සෙල්ලාම සත්‍ය තේරුම් ගත්තා. මෙන්න මේක දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සත්‍යයයි කියලා ප්‍රතිපදාව නිවැරැදිව තේරුම් ගත්තා. දුකේ ඇත්ත ඇති හැටිය, සමුදයේ ඇත්ත ඇති හැටිය, නිරෝධයේ ඇත්ත ඇති හැටිය, මාර්ගයේ ඇත්ත ඇති හැටිය දකින ටිකට, දැකපු ටිකට කිව්වා සත්‍ය ඤාණය කියලා. එහෙමනම් මේ දුක පිරිසිඳ දැක සමුදය ප්‍රහාණය කළ යුතුයි. නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. මඟ වැඩිය යුතුයි. මේ ක්‍රමය යම්කිසි කෙනෙකු දුක පිරිසිඳ දැකලා ඉවරයි, සමුදය දුරු කළා කියලා නිරෝධය සාක්ෂාත් කරන මඟ වඩලා ඉවරයි කියලා කෘත ඤාණය කරල ඉවරයි කියලා කෙනෙකු පහළ වුණොත් ඒ පුද්ගලයා ශාසනයේ කළ යුත්ත කළ කෙනෙක් බවට පත්වෙනවා. ඒ උත්තමයාට තවත් කළ යුත්තක් නැහැ.
හොඳයි, අපි මෙතනදී බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ “ ඉදං දුකඛං අරියසච්චං” අපට දුකයි කියලා පැහැදිලි කරපු ධර්මතා ටික හොඳට තේරුම් කර ගන්න. එහෙමනම්, මේ දුක සත්ත්ව නොවන, පුද්ගල නොවන , අනාත්ම වූ ධර්මතාවයක් කියලා කියන හැඟීම, අවබෝධය අපට මුලින්ම ලැබෙන්න ඕන. ඒ දුක පිරිසිඳ දකින විට දුකයි කියලා නුවණ ඇතිවෙද්දී, දුක්ඛෙ ඤාණය ඇතිවෙද්දී, සමුදය ගැන වැටහීමක් ඇති වෙනවා. මෙන්න මේ සමුදයේ කියන දැක්ම තමන්තුළ ඇති කරගන්න ඕන. මම එතනදී දුක්ඛ සත්‍ය හොඳට පැහැදිලි කරන්නම්.
අපි කියමු ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය ,කන සෝත විඤ්ඤාණය කියන ටිකටයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ දුක්ඛ සත්‍ය, කෙනෙක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, සත්ත්වයෙක් නෙවෙයි, හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ අමාරුම ධර්මතා ටිකක්. ඒකට මම පින්වතුන්ට උපමාවක් දෙන්නම්. අප ගඩොල්, වැලි, සිමෙන්ති, වතුර වගේ දෙයක් අරගෙන තාප්පයක් බඳිනවා. නැත්නම් බිත්තියක් හදනවා. ඒ වැලි, සිමෙන්ති අනලා කපරාදුත් කරලා, සුදත් තියනවා කියලා හිතමු. එහෙමනම් දැන් හොඳට බලන්න, බිත්තියේ අන්තර්ගතය කුමක්ද? කියලා. එය සත්ත්ව නොවුන, පුද්ගල නොවුන, අනාත්ම වූ බිත්තියෙ නොවන කොටස් ටිකක් එකට එකතුවෙලා තමයි බිත්තිය හැදුණේ. ඊටපසුව අපි කෙනෙකුට කියමු, කඩේට ගිහිල්ලා තීන්ත ටිකකුයි , පින්සලකුයි ගෙන්න කියලා. දැන් සිත්තරෙකුට මේ බිත්තියේ චිත්‍රයක් අඳින්න කියමු. අපි අඳින්නේ කාගේ රූපයද? අපි කියමු අපේ මිතුරගේ රූපය බිත්තියේ අඳින්න කියලා. දැන් හොඳට බලන්න, බිත්තියේ ගඩොල්, වැලි, සිමෙන්තිවලින් නිර්මාණය වූ, බිත්තිය මුල්කරගෙන චිත්‍රයක් තියෙනවා. “චත්තාරොච මහා භූතා, චතුන්නංච මහාභූතානං උපාදාය රූපං” බිත්තියට කිව්වේ චත්තාරොච මහා භූතා කියලයි. ඒ කියන්නේ සතර භූත මහා රූප කිව්වේ මේ චිත්‍රය දරාගෙන ඉන්න බිත්තියටයි. “මහා භූතානං උපාදාය රූපං” කිව්වේ මහා භූත ටික ඇසුරු කරගෙන තියෙන, බිත්තිය ඇසුරුකරගෙන තිබෙන රූපයට කිව්වේ චිත්‍රය කියලයි. චිත්‍රයට බිත්තිය නැතිව ජීවත් වෙන්න බැහැ. චිත්‍රය සෑම විටම පරපෝෂිතයෙක්. අනුන්ගෙන් යැපෙනවා. බිත්තිය ඇසුරුකරගෙනමයි මේ උපාදාන රූප ටික චිත්‍රය පැවතියේ. හැබැයි, බිත්තියට චිත්‍රය නැතිව ඉන්න පුළුවන්. ඒත් කවදාවත් බිත්තිය නැතිව චිත්‍රයට ඉන්න බෑ. මේ විදිහට විස්තර කළේ මේ චිත්‍රය අයිති බිත්තියටයි කියලයි. මේ චිත්‍රය පතිතවී තිබෙන්නේ , පිහිටලා තිබෙන්නේ, චිත්‍රය දරාගෙන ඉන්නේ බිත්තියයි. ඊට එහා මේ චිත්‍රයට අයිතිකාරයෙක් හෝ චිත්‍රයට පැවැත්මක් හෝ , පවත්වන්න පුළුවන්කමක් හෝ නෑ. ඔන්න එහෙමනම් මේ බිත්තියයි ඒ මත ඇඳි චිත්‍රයයි දකිද්දී අප කාටත් හිතෙයි මේ අහවලාගේ යාළුවා නේද කියලා? දැන් හොඳට බලන්න, අපට පුද්ගලයෙක්, කෙනෙක් කියලා බිහිවූ තැන ඇත්තටම හමුවූ එකම එක රූපයේ ස්වභාවය. සත්ත්ව, පුද්ගල, ආත්මභාවයෙන් තොර අනාත්ම වූ කෙනෙක් , දෙයක් නොවන, අනාත්ම වූ මහා භූත සහ උපාදාන රූපයක් විතරයි නේද? චිත්‍රයටයි උපාදාන රූප කියලා කිව්වේ. බිත්තියටයි මහා භූත රූප කිව්වේ. බිත්තියේ පවතින චිත්‍රය තුළ ඇසුරු කර පවතින ‘චිත්‍රය’ කෙනෙක්ද? එහෙමනම් එබඳු වූ බිත්තියත්, චිත්‍රයත් දිහා කෙනෙක් කියන අදහස ඔබට ඇතිවුණාද? බලන්න. ‘යාළුවා’ කියන කෙනාගේ චිත්‍රය අතගාන්න හෝ බිත්තිය අතගාන්න සුදුසුද කියලා බන්න. මේ තමන්ගේ යාළුවාගේ කෑලිනෙ කියලා බිත්තියෙ කෑලි අතගාන්න සුදුසුද? සුදුසු නෑ. මොකද, ඒක අප හොඳටම දැක්කා හුණු, ගඩොල්වලින් නිර්මාණය වූ හැඩතලයක් විතරයි කියලා. හැඩේ දකින විට කෙනා කියන අදහසයි අපට ආවේ. හොඳයි, අප පැත්තකට ගිහිල්ලා ඒ මගේ යාළුවා කියලා සිහිකරන්න බැරිද? සිහිකළොත් එතන තියෙන ඇත්ත මොකක්ද? මහා භූත සහ උපාදාන රූපය නේද, අපි තමන්ගේ යාළුවා කියලා බාහිරව කෙනෙක් සිහිකර කර ඉන්න සුදුසුද? අනාත්ම වූ මහා භූත සහ උපාදාන රූප කියන තැනදි කෙනෙක් ඉන්නවා කියලා සිහිකරන්න සුදුසු ද? අනාත්ම වූ ව මහා භූත සහ උපාදාන රූප කියන තැනදි කෙනෙක් ඉන්නවා කියලා සිහිකරන්න සුදුසු ද? ඇස් ඉදිරිපිටට ආපු බිත්තියටත්, බිත්තිය මත ඇඳපු චිත්‍රයටත් තමයි ‘දුක්ඛ සත්‍ය ‘ කිව්වේ.

කර්ම නිමිත්ත සහ කෙලෙස් නිමිත්ත

බිත්තියයි, චිත්‍රයයි දෙකම නිසා මනසෙ ගොඩනැඟුණු තමන්ගේ යාළුවා කියන හැඟීම් ගොඩට , නිමිත්තට කියන්නේ තණ්හාව කියලයි. එහෙමනම් තණ්හාව කියන්නේ මේ නිමිත්තටයි. එහෙම කිව්වේ , ඔබේ ඕනෑ එපාකම් ඇතිකරන්නේ මේ නිමිත්තෙන්. මේ නිමිත්ත කරුණාකරලා අයින්කළොත් තමන්ගේ යාළුවාට තිබෙන කැමැත්ත නැති වෙයි. යාළුවා හම්බවෙන්න යනවා කිව්වේ, ඔබගේ කැමැත්ත, ආශාව, ආදරය කියන මේ නිමිත්ත පවතින ක්ලේෂය නිසයි. එහෙමනම්, ඇහැට දැකපු සටහන බඳුමයි මේ නිමිත්ත.
නමුත් හොඳට තේරුම් ගන්න ඕන. මේක ඉතාමත්ම තියුණුයි. මේ දේ අප සිහිකරද්දී දැකපු දේ සිහිකරනවා නෙමෙයි. බිත්තිය මත පවතින චිත්‍රය හෝ සටහන ගත්තද සිතට? නැහැ. ඒ බිත්තියට , ඒ චිත්‍රයට නැමිලා කෙනෙක් කියලා බලපු උපාදාන වූ ටිකේ දූවිලි අයින් කරද්දී ඒ වගේම කියලා නිමිත්තක් සිටියේ පුද්ගල මුවාවෙන්. මේ නිමිත්ත තමයි සමුදය සත්‍ය. ඔබට දුක් වූ ආයතන ටික නැවත නැවත උපද්දවන්න මුල් වූ දේ නිමිත්තයි. මේ තමන්ගේ යාළුවා කියලා තිතකට බිත්තියේ ඇති වූ නිමිත්ත සිහි කරන්න පුළුවන්. නමුත් සිහිකරද්දී නිමිත්ත ආපු දිහා බලන්න. අනාත්මයි නේද? ඒ උපමාව මොහොතකට දැන් පැත්තකින් තබන්න. අපි දැන් ඇත්තටම කෙනෙක් ඉන්නවා කියලා තමන්ගේ යාළුවා කියන සටහනට යමු. ඒ රූපය අර බිත්තියේ නෙළුවා වගේ ගඩොල් බැඳි සිමෙන්ති වගේ, බිත්තිය නොවන කොටස්වලින් වගේ, තමන්ගේ යාළුවාව ඇත්තටම දකිනවා කියන තැනක, ඒ රූපෙ සැබෑවටම මනසෙ අරගෙන යන්න. “යථා කායං , යථා පිතං තං ධාතසු පච විස්සති” මේ කය යම් සේ පවතී ද ,යම් සේ පිහිටා පවතී ද එසේම මේ කය යම්සේ මෙනෙහි කරන්න. “ අත්ථි ඉමස්මිං කායේ පඨවි ධාතු” ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, මෙන්න මේ කය – පඨවි, ආපෝ , තේජෝ, වායෝ, ධර්මතා සතරෙන් නිර්මිතයි.
තව ටිකක් නිර්වචනය කළොත් කෙස්, ලොම්, නිය, දත්, සම්,මස් කියන පඨවි කොටස් විස්සක් තිබෙනවා. හොඳට විවර කරලා බලන්න. පඨවි ධාතුව– කෙස්, නිය, ටික පුද්ගලයෙක්ද? සත්ත්වයෙක්ද?, පඨවි ධාතුවට අයිති නිය,දත්, සම් , මස්, ලොම් කියන්නේ පුද්ගලයෙක්ද? සත්ත්වයෙක්ද? නහර, ඇට, ඇට මිඳුළු එකින් එක බැලුවහම පඨවි කොටස් තිස්දෙකක් හමු වුණා. තවත් මේක විමර්ශනය කළොත් වැගිරෙන, බැඳෙන ස්වභාවයෙන් යුක්ත ආපෝ, කොටස් දොළහකුත් මතුවුණා. මේකත් නුවණින් විමර්ශනය කරද්දී දවන, තවන, දිරවන, පැසවන, උෂ්ණ ස්වභාවයන් සතරකුත් මේ රූප ස්වභාවයේ පවතිනවා. තවත් බැලුවහම හමන, පිම්ඹෙන, හැකිළෙන. වායෝ ස්වභාවයෙනුත් යුක්තයි. අර බිත්තියේ ගඩොල්, වැලි, සිමෙන්ති කියන ටිකෙන් නිර්මාණය කළා වගේ මේ කය පිරුණු රූප මිටිය කෙස්, ලොම්, නිය , දත් ,සම් ආදී කුණුප කොටස් තිස්දෙකයි, නොපෙනෙන කුණුප කොටස් වලින් ඇති ආපෝ, තේජෝ, කියන කොටස් දහයයි, කොටස් හතළිස් දෙකකින් නිර්මිතයි. ඒ ටිකට කිව්වා බිත්තිය වගේ මහා භූතයි කියලා. ඒ ටික ඇසුරුකරගෙන, බදාගෙන ඒ ටික පිහිටුවාගෙන පවතින හැඩ සටහනට කිව්වා උපාදාන රූප කියලා.
බිත්තියේ ඇඳපු චිත්‍රය වගේ කුණුප කොටස් ටික අහුලාගෙන, කුණුප කොටස් ටික බදාගෙන, කුණුප කොටස් ටික හා බැඳි මහා භූතයන් අත් නොහරින අවිද්‍යාව , තණ්හා කියන ක්ලේෂය සිත්තරා ඇඳපු හැඩතලය හා සමානයි. දැන් මේ හැඩතලය පවතින කොටස් ටික දිහා හොඳට බැලුවා නේද? දැක්ක නේද? මේ හැඩතලයෙන් පතිත වූ කොටස් ටික , ගත්තොත් පුද්ගල හෝ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත කොටස් ද තියෙන්නේ ? නැහැ. අර බිත්තියෙ ගඩොල්, වැලි, සිමෙන්ති වගේ උපන්නා වූ අනාත්ම වූ අවිඤ්ඤාණික වූ කොටස් ටික තමයි මේ කුණුප කොටස් ටිකේ තියෙන්නේ. ඒ ටික ඇසුරු කරගෙන දැන් මේ හැඩසටහන චිත්‍රයෙ තිබෙනවා. බලන්න වෙනසක් තියෙනවා ද බිත්තියයි ,බිත්තියෙ ඇඳපු චිත්‍රයටයි, කනබොන ආහාරයෙන් බැඳුණු, කුණුප කොටස් ටික නමැති බිත්තියයි, ඒ මත ඇඳි චිත්‍රයයි අතර වෙනස්කම් තියෙනවද කියලා විමසන්න. බිත්තියට සතර මහා ධාතු කිව්වා. ඇඳි චිත්‍රයට උපාදාන කිව්වා. අපි ඇත්තටම පුද්ගලයා කියලා මෙපමණ කලක් සිතපු තැන තිබුණු රූපයට කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකට බිත්තිය වගේ මහා භූතයි කිව්වා. ඒ බිත්තිය ඇසුරුකරගෙන පවතින චිත්‍රයට, අප කුණුප කොටස් ටික ඇසුරු කරගෙන පවතින මේ හැඩ සටහනට(චිත්‍රයට ) උපාදාය භූත කිව්වා. මේ දෙකම සමානයි. ඒ රූපය ගැටෙන කොටම අර බිත්තියේ දකින කොටම තමන්ගේ යාළුවා කියන ගතියක් මනසෙන් නැඟිට්ටහම මේ කුණුප කොටස් ටිකයි උපාදාන රූපයයි. ඇසට ගැටෙන විටම මම ය කියන අර පුද්ගල සංඥාව නැත්නම් ඊර්ෂ්‍යාව අවධි වෙනවා. දුක්ඛ සත්‍ය කියන මේ රූපය, පුද්ගලයා, සත්ත්ව, ආත්ම භාවයෙන් තොරයි. මේ උපාදාන රූපය සත්ත්ව, පුද්ගල, ආත්ම භාවයෙන් තොරයි. ඒ ටික අයිති දුක්ඛ සත්‍යයට. ඒ නිසා යාළුවා කියලා මනසේ ඇති කරගත්ත මෙන්න මේ හැඟීමට කියන්නේ සමුදය සත්‍ය කියලයි.
තව දුරටත් අපි විමර්ශනය කළොත් කුණුප කොටස් ටික බිත්තියෙ විතරක් නෙවෙයි පත්තර කඩදාසියක තීන්ත ටිකකින් මේ චිත්‍රය වගේ චිත්‍රයක් ඇන්දොත් මේ මගේ යාළුවා කියන හැඟීම මනසෙ එයි, මේ හැඩසටහන තිබුණොත් තමන්ගේ යාළුවා කියලා හැඟීම එයි. හොඳට බලන්න. හැම තැනකින්ම නැගිට්ට කෙනෙක් නේද මනසට එන්නේ කියලා. හමුවූ පුද්ගල භාවය ඒක නෙවෙයි ද කියලා බලන්න. ජීවී අජීවී පුද්ගලයෙක් එක තැනකවත් හිටිය ද කියලා බලන්න.
කුණුප කොටස් තිස්දෙකක් තියෙන තැනක වර්ණ සටහනක් හම්බ වුණා. ගඩොල්, වැලි, සිමෙන්ති. කියන තැනක පිහිටලා තිබුණ වර්ණ සටහනක් හමු වුණා. ඒ වගේම පත්තර කඩදාසියක වර්ණ සටහනක් හම්බ වුණා. ඒ වගේම වීඩියෝ පටයක තිබෙන වර්ණ සටහනක් හම්බ වුණා. හැම තැනකදිම සිහිවුණ, හැගුණු, දැනුණු, මානසික ස්වභාවය ඒකයි. ඒ ඕනෑම තැනකදි මේ මනුස්සය හොඳයි. නරකයි. මරන්න, කපන්න, කොටන්න ඕන කියලා සිතුවොත් සත්වයෙක් නැතිවන ප්‍රාණඝාත අකුසලයක් ඇතිවෙන්න පුළුවනි.
මේ මගේ යාළුවා හරිම හොඳ සද්පුරුෂයෙක්. හරියට ශාසනයට උපකාර කරන්නෙක්. සාධු පුද්ගලයෙක් කියලා සිතුවොත් කුසලයක් ලැබෙයි. එහෙමනම් පත්තර කඩදාසිය දිහා බැලුවට ප්‍රශ්නයක් නෑ. අවිද්‍යාව හා බැදුණු සංස්කාර කියන්නේ මෙන්න මේ සිතේ පැවැතුණ නිමිත්තටයි. කර්ම නිමිත්ත, කෙලෙස් නිමිත්තට කිව්වේ දුක්ඛ සමුදය සත්‍යය කියලයි.
මේ සමුදය ඇති කරපු අනාත්ම වූ ස්කන්ධ ටික හොඳට දැක්කා. “ඉදං දුක්ඛං” මේ දුක් වූ ස්කන්ධ ටිකයි කියල සත්ත්ව , පුද්ගල, ආත්ම භාවයෙන් තොර දුක්ඛයි කියලා හොඳට දැක්කා. ඒනිසා මනස තුළ ඇති වූ ප්‍රපංච ටික කෙලෙස් ටික දැක්කා. “ ඉදං දුක්ඛ සමුදයං අරිය සච්චං” කියලා . මෙන්න මේකයි දුක ඇති කරවන හේතුව. දැන් තමන්ගේ යාළුවා කියන ඔය රූපය, ඔය නිමිත්තමයි ඔබට දුක ගෙනත් දෙන්නේ. ඇස් ඉදිරිපට වර්ණ සටහනක් දීලා තමන්ගේ යාළුවා මිය ගිහින් නේද කියලා සිතන්නෙත් ඕකෙන්. ඔහු මිය ගියේ නෑ කියල හිතන්නෙත් ඕකෙන්. ඔහු කරදරයක වැටිලා නේද කියලත් සිතන්නෙත් ඕකෙන්, ඔහු ලාභයක් ලබලා කියලා සිතන්නෙත් ඕකෙන්. ලාභ, අලාභ, යස , අයස, නින්දා, ප්‍රසංසා, සැප , දුක කියන අෂ්ඨ ලෝක ධර්මතා නිර්මාණය කරලා තියෙන්නෙත් මෙන්න මේ නිමිත්තෙන් නෙමෙයිද කියලා බලන්න. මේක සුමුදය සත්‍යයයි. නිරෝධය කියලා කියන්නේ මොකක්ද? සමුදය දුරු කිරීම නිරෝධයයි.
මේ මනස ඉදිරිපිට රූපය ගැටෙන විට මගේ මනසේ උපදින්නේ නැතිනම් පුද්ගල භාවයක්, මගේ මනසේ උපදින්නේ නැත්නම් සත්ත්ව සංඥාවක්. මගෙ මනසෙ උපදින්නෙ නැත්නම් ද්‍රව්‍ය සංඥාවක්. රාග, ද්වේෂ, මෝහ, ඇතිවන නිමිති මගේ මනසෙ උපදින්නේ නැත්නම් මෙන්න මේ සමුදය දුරු වූ බව නිරෝධයයි. ජරා, මරණ දුක් විඳින්න පුද්ගලයෙක් උපන්නේ නැත්නම්, කෙනෙක් හැදුනේ නැත්නම්, මම කොහොමද දුක් විඳින්නේ? කොහෙන්ද දුක එන්නේ? “ රාගත්‍රයෝ, ද්වේෂත්‍රයෝ , මෝහත්‍රයෝ නිබ්බාණා” තමන්ගේ යාළුවා හොඳයි කියලා හෝ නරකයි කියලා සිතේ ඉපදෙන්නේ නැත්නම් ඔහු නරකයි , මහ නරක කෙනෙක් කියලා ද්වේශ සහගතව සිතේ ඇතිවෙන්න පුළුවන්. ඔහු අන්තිම හොඳ කෙනෙක්නෙ කියලා සිතෙන්න පුළුවන්. හොඳයි , නරකයි දෙකම නෑ කියලත් සිතෙන්න පුළුවන්. නිමිත්ත එක්ක තියෙන්නෙ රාග, ද්වේශ, මෝහ කියන එක නෙමෙයිද කියල බලන්න. රාග, ද්වේශ , මෝහ කියන එක අහසේ වගේ තැනක නිකන් නෑ. රාගය තියෙන්නේ මේ කෙනාටයි, ද්වේශය තියෙන්නේ මේ කෙනාටයි. මෝහය තියෙන්නේ මේ කෙනාටයි. රාග, ද්වේශ, මෝහ කියලා කිව්වේ අනාත්ම වූ ස්කන්ධ ටික ගැටෙද්දී මනසින් උපදින්නා වූ නිමිත්තට. රාගත්‍රයෝ , ද්වේශත්‍රයෝ, මෝහත්‍රයෝ නිබ්බාණං” කියද්දී නිකම්ම අප දන්නා වූ අම්මලා , තාත්තලා , දුවලා, පුතාලා, ඇතිවෙනවා නෙමෙයි. ඇස් ඉදිරිපිටට ආපු බිත්තියටයි, බිත්තියෙ ඇඳපු චිත්‍රයයි හම්බවෙද්දී සිහිවෙන්නෙ නැත්නම් මගේ මනසේ කැමැත්තෙන් ඉන්න යාළුවෙක් , නරකට ඉන්න යාළුවෙක්, හොඳයි – නරකයි දෙකම නැති , අහවරයි කියලා කෙනෙක් උපන්නේ නැත්නම් කෙනෙක් වෙනුවෙන් දුක් විඳින්න පුළුවන් හේතුවක් තියෙයිද මට? එහෙමනම් සමුදය දුරු කිරීම නිරෝධයයි. ඊළඟට මාර්ගය. එහෙමනම්, මොකක්ද කරන්න ඕන? දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කරලා අජරාමර නිවන සාක්ෂාත් කරගත යුතුයි කියලා දැක්මක් ආවා.

දුක පිරිසිඳ දැකීම

සම්මා දිට්ඨිය නැත්නම් දැක්ම නිවන් දකින්න , බණ භාවනා කරන්න යන ක්‍රමය හොඳට හදා ගන්න. ඔන්න මෙතනයි අපට අවශ්‍යම කාරණාව. මෙතනමයි අවශ්‍යම යතුර. මම පෙන්වන විශේෂම කාරණාවක්. නිවන් දකින්න, භාවනා කරන්න කියලා කරන්නේ අවශ්‍ය වන්නේ කුමක්ද කියන එක හොඳට දකින්න. දුක පිරිසිඳ දැකල, සමුදය දුරු කළ යුතුයි. මට ඕනෑ විදිහට තණ්හාව නැති කරන්න බැහැ. දුක පිරිසිඳ දැකලා, සමුදය දුරු කරලා, නිරෝධය සාක්ෂාත් කළ යුතුයි කියලා, මෙන්න මේකයි සම්මා දිට්ඨිය කියලා දැක්කා. ඉස්සෙල්ලාම සත්‍ය ඥානය , ඊට පස්සේ කෘත්‍ය ඥානය, කළයුතු වැඩසටහනක් තියෙනවා. ඔන්න දැන් මේ සත්‍ය දැනගත්තට පස්සේ දැන් මාර්ගය වඩන්න හම්බවෙන්නේ කොහොමද?
භාවනා කරන්න හම්බවෙන්නේ කෙසේද කියලා බලමු. දුක පිරිසිඳ දත යුතුයි; සමුදය දුරු කළ යුතුයි; නිරෝධය සාක්ෂාත් කළ යුතුයි; මේ විදිහට කරන එක වැඩිය යුතුයි. මඟ වැඩිය යුතුයි. එවිට හැමවිටම සමුදය නැත්නම් තණ්හාව දුරු කිරීමට ක්ලේශය අයින්කළ යුත්තේ කෙසේද කියන පිළිතුර ආවා නේද? කොහොමද ආවේ? දුක පිරිසිඳ දැකීම තුළින් සමුදය දුරු වෙන්නට ඕනෑ කියන උත්තරයක් ආවේ. එහෙමනම් අපට ආපු උත්තරය කුමක්ද? සම්මා දිට්ඨියේදි චතුරාර්ය සත්‍යයේදී ඇත්ත ඇති හැටියෙන් විපරිත නොවී බලන එකයි. ඒ කිව්වේ දිට්ඨිය මඟ වඩද්දී සම්මා දිට්ඨියට හසුවෙන්න ඕනෑ. දුක් වූ ස්කන්ධ ටික නිසා තමන් තුළ පුද්ගලභාවයක්, ක්ලේශයක් ඇතිවෙලා තියෙනවා කියන එක තේරෙන්න ඕන. මේ ක්ලේෂය දුරු කරන්න තියෙන්නෙ, දුක නූපදවන්න තියෙන්නේ , නැති කරන්න තියෙන්නේ දුක පිරිසිඳ දැකලයි කියන නුවණ තියෙන්න ඕන.
එහෙම මම මතක් කළේ පින්වතුන්ට තනියම ගෙදර සිටිනවිට කෙනෙක් සිහිපත් කරන්න පුළුවන්. සිහිපත් කරද්දී වෙනද වගේ පිහිටක්, පිළිසරණක් නැති අනාථ වූ මනසක් යම්සේද , එසේ සිතිවිලි සිතමින් නිමිත්ත තුළ යන්න එපා. ක්ෂණිකවම චතුරාර්ය සත්‍ය සිහිපත් කර ගන්න. නාථව, සරණක් ඇතිව වාසය කරන්න. අපි කියමු, ඔය පින්වතුන් පැත්තකට වෙලා ඉන්නකොට තමන්ගේ යාළුවා කියලා හෝ වෙනත් පුද්ගල නිමිත්තක් සිහිවෙන විට, සිහිකර ගන්න විට වෙනද වගේ මේ නිමිත්ත සිහිකරගෙන, “අනේ එයා හරි හොඳයි කියලා ලෝභය , ද්වේෂය, මෝහය තුළ සිතිවිලි ගොන්නක් අරගෙන යන්න එපා. එහෙම නැත්නම් එයා අපට තේ එකක්වත් දුන්නේ නෑ කියලා ද්වේශය ඇතිකරන්න සිතන්නේ නැතිව, මෙන්න මේ සිතට නිමිත්තක් සිහිවෙද්දීම පින්වතුන්ට චතුරාර්ය සත්‍ය පෙනෙන්න ඕනෑ. මට මේ සිහිකරන්න පුළුවන නිමිත්ත”කෙනා” කියලා. හාමුදුරුවෝ කිව්වේ මේක සමුදය සත්‍ය කියලා. මේ නිමිත්ත සිහිකරගන්න මට මනසෙ මෙහෙම හැකියාවක් ඇති කරපු, ඇත්තමට එතන තිබුණ රූපය කියලා බාහිරයටයි යන්නේ. මේ මනස තුළ ඇති වූ නිමිති විදර්ශනා කරන්නේ නැහැ. දුක පිරිසිඳ දැකලා නේද මේ සමුදය දුරු 
කරන්න තියෙන්නේ. තමන්ගේ යාළුවා කියලා සිහිකරද්දීම මේ සිහිකරන්න පුළුවන් නිමිත්ත ඇතිකරපු ඇස, රූපය (චක්ඛු විඤ්ඤාණය) දැන් නිරුද්ධ වෙලා බොහෝකල් නේද, කියලා බලන්න. පින්වතුන්ට එහෙම නිරෝධයට කියලා මේ නිමිත්ත අතහරින්න තාම සවියක් නැත්නම් ඇත්තටම මගේ යාළුවා කියලා සිහිකරද්දිත්, කන, බොන, ආහාරයෙන් සැදුණු කෙස්,ලොම්,නිය , දත් ,සම්, මස් ආදී කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටලා තිබුණ වර්ණ සටහන ඇස් ඉදිරිපිටට එද්දී මෙන්න මේ නිමිත්ත හදා ගත්තා. සිහි කරගත්තා නේද කියලා බලන්න. ආපසු හැරිලා බලද්දී අතීතයේදීවත් තමන්ගේ යාළුවා, පුද්ගලයා ඉතිරිවෙලා නැතිවෙන්න ඕන. වැල්ලේ ඇවිදින්න. හැබැයි, අඩි සටහන් සිටින්නේ නැති විදිහට. අඩි සටහන් තිබුණොත් තව කෙනෙකුට, මාරයාට මේ පින්වතුන් ගියතැන් හොයාගෙන එන්න පුළුවන්. මේ පින්වතුන් නැවත හැරිලා බලන්න. අතීතය පිරිසුදු කරන්න. මකලා දාන්න. ඉස්සරහට ගියා. පිටුපස්සට හැරෙන විට අඩිසටහනක් තිබ්බා. මකලා දාන්න. තව කෙනෙකුටත් එන්න බැරි වෙන්න. තමන්ගේ යාළුවා කියලා සිහිවෙනවා. සිහිවෙනවිට සිහිවෙන තැන නොවෙයි, ආපස්සට හැරිලා අඩි හිටපු එකයි හදන්න ඕන. පා සටහන් සිටින එකයි හදන්න ඕන. කෙනෙක් එහි සිටියා කියන මෝඩකම අයින් කරන්න. ඇත්තටම මට කෙනෙක් කියලා සිහිකරන්න පුළුවන්කම තියෙද්දිත්, සිහි කරද්දිත් මේ වගේ සිහිකරන්න පුළුවන් නිමිත්ත හදාගත්ත තැන රූපයක් තිබුණානම් කන, බොන, ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් තිබුණා නම් ඒ ටික ඇසුරු කරගෙන තිබුණු වර්ණ සටහන ඇස් ඉදිරිපිටට එද්දී මම මයි මේ පුද්ගලයා, කෙනා කියන හැඟීම ඇතිකර ගත්තේ කියලා දකිනවා. අතීතයේදි අනාත්ම ස්කන්ධ ටික නිසා තමන්තුළ කෙනා සිහිවෙලා මිසක් කෙනා ඉන්නවා කියලා නැවත හැරී බලද්දී සිහිවෙන්නේ නැහැ. අඩි මකලයි තියෙන්නේ. තමන්ගේ යාළුවා බලන්න යන්න ඕන කියලා සිතන විටම වෙනද වගේ යනවා නෙවෙයි. බලන්න කියලා ගියාමත් කන, බොන ආහාරයෙන් හැදුණු කෙස්, ලොම්, නිය , දත් , සම් , මස් , නහර කුණුප කොටස් ටිකකින් යුක්ත තැනක වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එද්දී මේ දැන් කෙනා කියන හැඟීම මා තුළ යෙදෙනවා නේද? තමාම සිහිකරගන්නවා නේද? කියන ටික දකිනවා. ගිහිල්ලවත් හම්බ වෙන්න බැහැ. ඉදිරියේවත් පාරවල් තියන්නේ නැහැ. පෙර, පසු පාසටහන් ,අඩි සටහන් යන්න තැන් මුකුත් ඉතිරි කරන්නේ නැහැ. අහසේ ගමන් කරන කුරුල්ලෙකුගේ පා සටහන් නෑ වගේ අරිහත් මාර්ගයේ ගමන් කරන උතුමන්ට පා සටහන් සිටින්නේ නෑ. පා සටහන් තියන්නේ නැහැ.
එයා සිහිකරනවා සිහිකරලා යන්න හදනවිටත් දකින්නේ කුමක්ද? මම සිතන විදිහේ, දකින විදිහේ, සිහිකරන විදිහේ කෙනෙක් මට කවදාවත් බාහිරෙන් දකින්න බැහැ. ගියවිට මෙන්න මෙහෙම ඇත්තක් තියෙන තැනක මේ වගේ වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එයි. එවිට පුද්ගලයෙක්, කෙනා කියන හැඟීම මගේ මනසේ නේද ඇතිවෙන්නේ කියලා බලන්න. බැලුවට සිත පිළිගන්නේ නැත්නම් තමන්ට තමන්ම ටොක්කක් ඇණලා පෙන්වන්න.
කෙසේද? එහෙමනම් ගඩොල්, වැලි, සිමෙන්ති තියෙන තැනක බිත්තිය ඇසුරු කරගෙන මේ සටහන බලන්න කියලා ගියහම මගේ යාළුවා කියලා සිතෙන්නේ ගඩොල් ඇතුළේ කෙනා ඉන්න හින්දද? චිත්‍රය ඇතුළේ කෙනා ඉන්න හින්දද? කියලා අහන්න තමන්ගෙන්. එහෙමනම් මේ කෙස් , ලොම්, නිය , දත්, ඇතුළේ කෙනා ඉන්න හින්දද නැත්නම් ඒ වර්ණ සටහන කෙනා හින්දද මට කෙනා කියලා සිතෙන්නේ? එහෙමනම් බිත්තියේ තියෙන සටහනක් කෙනෙක් වෙන්න ඕන. ඇයි? මට කෙනා කියලා හිතෙනවානේ, මෙන්න මේ විදිහට තමන්ට තමන්ම තර්ක විතර්ක කරගන්න. කරලා පෙන්වන්න උඹ මෝඩ වෙන්න එපා කියන එක .
මේ විදිහට දෙපැත්තටම කෙලෙස් බර වැඩි නිසා දෙපැත්තට ටිකක් තර්ක විතර්ක කරන්න වෙනවා. මෙයා ආපසු මොනවා හරි දෙයක් සිහිවෙන විට සිහිවෙන එක අල්ලාගන්නේ නෑ. මේක සිතිවිල්ලක්, මේක විතර්කයක් ,මේක සිතේ හටගත්තේ , මේක අනිත්‍යයයි නේද? කියලා එහෙම බලන්නේ නැහැ. මේ විතර්කය එයා දන්නවා බාහිර භවය පිරිසිඳ නොදන්නාකම නිසා, ආයතන ටික පිරිසිඳ නොදන්නා අවිද්‍යාව නිසා නම් හැදුණේ අවිජ්ජා නිරොධො සංඛාර නිරොධා” අවිද්‍යාව නිරුද්ධ වුණොත් සංස්කාර නිරුද්ධ වෙනවා.
ඒ කියන්නේ මේ පින්වතුන්ට බාහිරව අම්මා , තාත්තා, දුවා, පුතා, අයියා, අක්කා කියලා බවය හැදිල තියෙන හින්දා ගොඩක් අය මෙහෙම ඉන්න හින්දයි මෙතන ඉදලා ඉන්න අය ගැන තොරතෝංචියක් නැතිව හිතන්නේ . හිතෙනවා නොවෙයි සිතෙනවා. ඔය සිතෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එහෙමනම් අවිධ්‍යාව නිසානම් සිතෙන්නේ , සිතෙන එක නැති කළා කියලා අවිද්‍යාව නැති වෙන්නේ නැහැ. උදාහරණයක් දැක්වුවොත් , “යම් අච්චුවක් නිසා කොකිස කැඩුවා කියලා අච්චුව කැඩුවා වෙනවාද? ආයතන පිරිසිඳ නොදන්නාකම නිසා මගේ යාළුවා කියලා මට සිතුණා. ඒ සිතන නිමිත්තෙන් ඒ මගේ යාළුවා නෙමෙයි නේද, කෙනෙක් නොවෙයි නේද මේක සංඥාවක් නේද ස්පර්ශයක් උපන්න දෙයක් නේද , සිතිවිල්ලක් නේද කියලා මේකෙ අනිත්‍යය බැලුවා කියලා අවිද්‍යාව නැති වුණා වෙනවද? ඒ සිතිවිල්ලේ රාග, ද්වේශ, මෝහ එන්නේ නැති වෙයි. තාවකාලිකව තැන්පත්කමක් , සන්හිඳියාවක් අවස්ථාවට ඇති වෙයි. තාවකාලිකව කෙලෙසුන්ගෙන් මිදීමක් පෙනෙයි. ආයෙත් ටිකකින් අමතක වූ ගමන් බාහිර “කෙනා” ඉන්නවා කියන තැනක පිහිටලා මනස ආයෙත් සිතන්න ගන්නවා. සිතෙන්න ගන්නවා. ඒ නිසා දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළ යුතුයි.

අවිද්‍යාව තුළ සිටිනවාද?

කෙනෙක් කියලා සිහිවෙනකොටම මේ ප්‍රපංච නිමිත්ත ආපු හේතු ටිකට යන්න. යාළුවා කියලා සිතෙනවිටම , මම බලන්නේ මම මෙහෙම හිතද්දිත් එතැන තියෙන්නේ ගඩොල්, වැලි , සිමෙන්තියෙන් නිර්මාණය වූ බිත්තියකුත් බිත්තිය මත ඇඳි චිත්‍රයකුත් නේද? කියලයි බලන්නේ. අන්න එතකොට තමන්ගේ මෝඩකම චුට්ටක් අහුවෙනවා.
මේ සිතිවිල්ලේ කෙනෙක්, දෙයක් නැහැ. පුද්ගලයෙක් නැහැ. සත්වයෙක් නැහැ කියල බලන්නේ නැහැ. බැලුවට අවිද්‍යාව එහෙමමයි. අවිද්‍යාව ඉතුරු වෙනවා. ඒ හින්දා එතනින් නෙමෙයි යන්නේ ඒකෙන් යන්න බැහැ. හැම විටම " භව පච්චයා ජාති" භවය තියෙන නිසයි, බාහිිර කෙනෙක් ඉන්නවා කියන හින්දයි මේ සිතෙන්නේ, මේ ඉපදීම නතර වෙන්න නම් භව නිරොධො ජාති නිරොධා තියෙනවා ඉන්නවා කියන මේ භවය නතර වෙන්නට ඕන. එහෙමනම් හැමවිටම ත්‍රිපිටක දහම නොඉක්මවා ගන්න. දුක පිරිසිඳ දැකල සමුදය දුරු කරලයි නිරෝධය සාක්ශාත් කළ යුත්තේ. මේ විදිහට නම් මග වඩන්න තියෙන්නේ මම කළ යුත්තේ කොහොමද? දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ දකින්න ඕන. ඒ කියන්නේ මෙතන ඉදන් මට අම්මා සිහි කරන්න පුළුවන් . මම අම්මා සිහිකරනවා කිසි අඩුවක් නැතිව, අඟ පසඟින් යුක්ත පුද්ගලභාවයකින් යුක්ත සත්ත්ව භාවයකින් යුක්ත හැඟීම් ටිකකුත් සමඟ , ක්‍රියාකාරකම් ටිකකුත් එක්ක වර්ණ සම්පන්න වූ , ශබ්දයෙන් යුක්ත පුද්ගලභාවයකින් යුක්ත , සත්ත්ව භාවයකින් යුක්ත, හැඟීම් ටිකකුත් සමඟ ,ක්‍රියාකාරකම් ටිකකුත් එක්ක වර්ණ සම්පන්න වූ , ශබ්දයෙන් යුක්ත වූ රූපයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් යුක්ත වූ , ආත්මභාව පටිලාභයක් මනසෙ මට සිහිපත් කරගන්න පුළුවන්. මගේ අම්මා කියලා ඒක මගේ මනසේ හැකියාව , මම බලන්න ඕන මෙහෙම සිහිපත් කරනවිටම 
මට සිතෙන සිතිවිල්ල සාධාරණද? සත්‍යයද , සුදුසුද කියන එක. ඒ කියන්නේ වෙනදට මට අම්ම සිහිකරන්න පුළුවන්. ඒක වැරැදියි කියලා පෙන්වන්න කවුුරුවත්සිටියේ නැහැ. බලන්න ගියහමත් අම්මා පෙනෙනවා කියන තැනකින් ඉන්නේ. ඒකත් ඇත්ත , පෙන්වන්න කවුරුවත් සිටියේ නැහැ. වැරැද්දක් දැක්කෙත් නැහැ. අම්මව බලල ආවට පස්සේ මම අද ගෙදර ගිහිල්ලා අම්මාව දැකලයි ආවේ කියලත් කිව්වා. අම්මාව සිහිකරල , අම්ම බලන්න ගිහිල්ලා , අම්මාව මුණහැගිලා ආපසු ඇවිල්ලා අම්මා සිහිකරන්න පුළුවන් කියලා සම්පූර්ණ අවිද්‍යාව තුළ චක්‍රයක්ම ගිහිල්ලා, මම ඒ මොහොතේ කියනවා. මට ටිකක් මහන්සියි, මම ටිකක් භාවනා කරන්නත් ඕනෑ කියලා. ම ම ඉතින් පැත්තකට ගිහිල්ලා භාවනාවත් කරනවා. හොඳට පර්යංකයකුත් බැඳගෙන, සති නිමිත්තේ සිත තියාගෙන එන එන නිමිතිවල නාම රූප වශයෙන් බලනවා. කුණුප කොටස් කඩනවා, චිත්ත වීථි බලනවා. සංඥාවක් කියලා බලනවා. මේ සිතේ උපන්නේ කියලා බලනවා.

ආයෙත් භාවනාව ඉවර වූ ගමන්, නැත්නම් බාහිරේ හිතන්න හදන විට කිසි දෝෂයක්, වැරැද්දක් පෙනෙන්නේ නැහැ. ඕන තරම් කෙලෙස්වලට යන්න පුළුවන්. මේ මනසට කිසිම පිහිටක් නෑ. කිසිම සරණක් නැහැ. ධර්මය නොදන්නා පෘතග්ජනයාටත් ලෝකයාටත් මනසේ පිහිටක් , පිළිසරණක් නැතිව ඔහේ සිතිවිලි වැල් සිතන්න පුළුවන් වගේ මටත් පුළුවන් සිතන්න.
හැබැයි මම හොඳට භාවනාත් කරන කෙනෙක්. පැය ගණනක් භාවනා කරලා නැගිට්ටා විතරයි. නැගිටලා අම්මා ගැන සිතන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. සිතෙනවා. අම්මා ගැන සිතලා " අනේ අම්මා අද රෑට කෑවාද දන්නෙත් නැහැ. කියලා "අනේ අම්මා අසනීප වෙලා සිටියේ" කියලා මට හොඳට දුක් විඳින්නත් පුළුවන්. ආපසු සිහිකරල ා " කමක් නැහැ. හෙට උදෙන්ම අම්මා බලන්න යනවා කියල සිත හදාගෙන, උදේම නැඟිටලා යන්නත් පුළුවන්. ගිහිල්ලා එදාටත් බලලා එන්නත් පුළුවන්. ඇවිල්ලා එදාටත් භාවනා කරයි. මේ භාවනාවේ ප්‍රතිඵලයක් තිබිලා තියෙනවාද? භාවනා කළේ කුමටද කියලා බලන්න. මේ වැරැද්ද නොවෙයි ද හැදෙන්න ඕන කියලා බලන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ වූ උත්තමයාට කවදාවත් මේ වැරැද්දට දුක් විඳින්න බැහැ.
ඒ කියන්නේ දැන් අම්මා සිහි කරන්න පුළුවන් හැකියාව හිතේ තියෙන හැකියාව අම්මා කියලා සිහිකරන විටම වේගයෙන් එයා දුක පිරිසිඳ දකිනවා. මම අම්මා සිහි කරලා බලන්න කියලා ගියොත් ඇත්තටම එතන වෙන්නේ සතිපට්ඨානයට නුවණයි කන, බොන ආහාරයෙන් සැදුණු කෙස්,ලොම් , නියා, දත් ආදී කුණුප කොටස්වලින් පිහිටලා තියෙන තැනක වර්ණ සටහන ,චිත්‍රය ඇස් ඉදිරිපිටට එනකොටම මේ දැන් තියෙන ගතිය මනසෙ සිහි වෙනවා නේද? දැන් එයාට යන්න පෙර සිටම නුවණයි ගියවිට මට අම්මා හම්බවෙනවා නොවෙයි.
අනාත්ම වූ ස්කන්ධ ටික ඇස් ඉදිරිපිටට එනකොට මේ ආත්ම සංඥාව සිහිකරගන්නවා නේද කියලා ඇත්ත ඇති හැටියෙන් දකිනවා. මෙහෙ ඉඳලා ඉන්න කෙනෙක් ගැන සිතලා දුක් විඳින්න තරම් මෝඩ නැහැ. මගෙ මනසෙයි මේ හැඟීම තියෙන්නේ. එහෙමනම් ඊයෙත් මම අම්මා දැක්කා කියන තැනට ගියොත් එහෙමනම් ඊයේ ද තිබිලා තියෙන්නේ. ඕකම නේද අනාත්ම වූ කෙස්,ලොම්,නිය, දත්, සම් , මස්, කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහහනක් අපේ ඇස් ඉදිරිපිටට එනකොටම මේ මගෙ අම්මා කියන හැඟීම් ටික ප්‍රපංච ටික ගති ටික මනසේ ඉපදිලා නේද කියලා සිහි ගන්වනවා.
මම පැයක් භාවනා කළා කිව්වේ උපදින උපදින විතර්ක ටික මේ විදිහට දෙපැත්තට තිය තියා විදර්ශනය කළ නිසා මම නැගිටින විටම මට මේ නුවණ පිහිටනවා. ගෙදර අම්මා කියලා සිහිවෙන විටම මට මේ සරණ එනවා. මම භාවනා කරනවා කියලා එකතැනක ඉඳගෙන මනසේ උපදින උපදින විතර්කයන්ට දෙපැත්තට පෙන්න පෙන්නා හිටියේ. භාවනා කරනවා කියලා මම මේ සිතිවිලි වලට මුකුත් කළේ නැහැ. "නුඹ කෙනෙක් සිහි කරද්දී බලපන්කො ඇත්ත " කියලා දෙපැත්ත පෙන්නන එක තමයි කර කරා සිටියේ. සති නිමිත්තේ සිටියෙත්,භාවනාවෙන් නැගිට්ට පසුවත් සිහිවෙන විට අර භාවනා කරපු නුවණමයි එයාගේ මනසට පිහිටලා තියෙන්නේ කොහොමද? මම බලන්න යන්නේ එතකොට මෙහෙම ඇත්තක්නේ පෙනෙන්නේ. කියන තැනකින් දකිනවා. මෙහෙම කාලයක් කරන්න ඉන්නවා තියෙනවා ඉන්නවා තියෙනවා කියන එක වෙනුවට විශාල වෙනසක් එයි. මේ ආයතන සියල්ල ශූණ්‍යතාවයක් පෙනෙයි. සත්ත්ව, පුද්ගල ආත්මභාවයන් ශූණ්‍යයයි. තම්ගේ මනස තුළ රාග, ද්වේශ, මෝහ, කියන නිමිති ටිකක් ඇතිවෙලා කියන එක පෙනෙයි. එහෙමනම් මම කොහොමද බාහිර ඉන්න පුද්ගලයෙක් ,කෙනෙක් ගැන සිතන්නේ? කියන එක තමන් තමන්ගෙන්ම අහන තැන දක්වාම ප්‍රශ්න කරන තැන දක්වාම අරගෙන යනවා. ගඩොල්, වැලි, සිමෙන්ති දිහා බලාගෙන මව් මළ දුක් විඳින්න තරම් මම මෝඩද? ගඩොල්, වැලි, සිමෙන්තියෙන් හැදුණු බිත්තිය ඇසුරුකරගෙන තියෙන චිත්‍රය දිහා බලාගෙන මව ලෙඩවූ දුක විඳින්න තරම් මම මෝඩද, ඕකට සමානයි එහෙමනම් කුණුප කොටස් ටිකත් ඇසුරු කරගෙන ගඩොල්, වැලි , සිමෙන්තියෙන් සැදුණු ,තියෙන වර්ණ සටහන දිහා බලාගෙන මව් මළ දුක විදින්න තරම් මෝඩද? පියා මළ දුක විඳින්න තරම් මම මෝඩද කියලා උත්තරයක් එයි. මේකට කියන්නේ යෝනිසෝමනසිකාරය කියලයි. ඔහොම කරන විට කරනවිට බාහිරෙන් ඉන්නවා තියෙනවා කියන හැඟීම ටික ටික අඩුවෙනවා. අඩුවෙන්න අඩුවෙන්න මෙහි සිතිවිලිත් තොරතෝංචියක් නැතිව, කෙළවරක් නැතිව එකිනෙකා ගැන සිහිවෙමින් සිහිකරමින් උපදින මෙන්න මේ මනසේ ගතිය ටික ටික අඩුවෙනවා. මේක අඩුවෙන්න අඩුවෙන්න දුක හොඳට පිරිසිඳ දකිනවා. දුක පිරිසිඳ දකින්න දකින්න සමුදය දුරු වෙනවා. මේ විදිහට කරද්දී මේ සිතෙනකම තමන් තුළම සන්සිඳීමට පත්වෙනවා. සිත, කය දෙක පිනවාගිය අතිශය ප්‍රමෝධමත් තැනකට එනවා. අනේ අවිද්‍යාව නමැති කෝෂයෙන් එළියට එන්න පුළුවන් වුණා නේද කියලා.
එයා දකිනවා මේ මුලු ලෝකයම අවිද්‍යාව තුළ නේද ඉන්නේ? තමන්ගේ මනස තුළ කෙනෙක්ව සිහිකරගන්නවා. මේක සිතේ පවතින සමුදය සත්‍යය. රාග, ද්වේශ, මෝහ කෙලෙස් ගුලිය කියලා පෙන්වන්නේ නැහැ. ඒ හින්දා මේ කෙලෙස් ටික උදව්කරගෙන බලන්න යනවා කියන දුක් වූ ස්කන්ධ ටික උපදවා ගන්නවා.

මනසේ ඇති වරද හදා ගැනීම

දැන් අම්මා සිහි කරන්න පුළුවන් හැකියාව හිතේ තියෙන හැකියාව අම්මා කියලා සිහිකරන විටම වේගයෙන් එයා දුක පිරිසිඳ දකිනවා. මම අම්මා සිහි කරලා බලන්න කියලා ගියොත් ඇත්තටම එතන වෙන්නේ සතිපට්ඨානයට නුවණයි කන, බොන ආහාරයෙන් සැදුණු කෙස්, ලොම්, නිය, දත්, ආදී කුණුප කොටස්වලින් පිහිටලා තියෙන තැනක වර්ණ සටහන , චිත්‍රය ඇස් ඉදිරිපිටට එනවිටම , මේ දැන් තියෙන ගතිය මනසෙ සිහි වෙනවා නේද? දැන් එයාට යන්න පෙර සිටම නුවණයි, ගියවිට මට අම්මා හම්බවෙනවා නොවෙයි. අනාත්ම වූ ස්කන්ධ ටික ඇස් ඉදිරිපිටට එනවිට මේ ආත්ම සංඥාව සිහිකරගන්නවා නේද කියලා ඇත්ත ඇති සැටියෙන් දකිනවා.
මෙහෙ ඉඳලා ඉන්න කෙනෙක් ගැන සිතලා දුක් විඳින්න තරම් මෝඩ නැහැ. මගේ මනසෙයි මේ හැඟීම තියෙන්නේ. එහෙමනම් ඊයේ මම අම්මා දැක්කා කියන තැනට ගියොත් එහෙමනම් ඊයේ ද තිබිලා තියෙන්නේ ඕකම නේද අනාත්ම වූ කෙස්, ලොම්, නිය, දත් , සම්, මස් කියන කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එනකොටම මේ මගෙ අම්මා කියන හැඟීම් ටික ප්‍රපංච ටික ආදරය සෙනෙහස කියන ගති ටික මනසේ ඉපදිලා නේද කියලා සිහි ගන්වනවා.
මම පැයක් භාවනා කළා කිව්වේ උපදින , උපදින විතර්ක ටික මේ විදිහට දෙපැත්තට තිය තියා විදර්ශනා කළ නිසා, මම නැගිටින විටම මට මේ නුවණ පිහිටනවා. ගෙදර අම්මා කියලා සිහිවෙන විටම මට මේ සරණ එනවා. මම භාවනා කරනවා කියලා එකතැනක ඉඳගෙන මනසේ උපදින උපදින විතර්කයන්ට දෙපැත්තට පෙන්න පෙන්නා හිටියේ. භාවනා කරනවා කියලා මම මේ සිතිවිලිවල මුකුත් කළේ නැහැ. “නුඹ කෙනෙක් සිහිකරද්දී බලපන්කො ඇත්ත” කියලා දෙපැත්ත පෙන්නන එක තමයි කර කර සිටියේ. සති නිමිත්තේ හිටියෙත්, භාවනාවෙන් නැඟිටිනවිට පසුවත් සිහිවෙන විට අර භාවනා කරපු නුවණමයි. එයාගේ මනසට පිහිටලා තියෙන්නේ කොහොමද මම බලන්න යන්නේ.
එතකොට මෙහෙම ඇත්තක් නේ පෙනෙන්නේ කියන තැනකින් දකිනවා. මෙහෙම කාලයක් කරන්න බාහිරව ඉන්නවා තියෙනවා, ඉන්නවා තියෙනවා කියන එක වෙනුවට විශාල වෙනසක් එයි. මේ ආයතන සියල්ල ශූණ්‍යතාවයක් පෙනෙයි. සත්ත්ව, පුද්ගල ආත්මභාවයන් ශූණ්‍යයයි. තමන්ගේ මනස තුළ රාග, ද්වේශ, මෝහ කියන නිමිති ටිකක් ඇතිවෙලා කියන එක පෙනෙයි. එහෙමනම් මම කොහොමද බාහිර ඉන්න පුද්ගලයෙක්, කෙනෙක් ගැන සිතන්නේ කියන එක තමන් තමන්ගෙන්ම අහන තැන දක්වාම ප්‍රශ්න කරන තැන දක්වාම අරගෙන යනවා. ගඩොල්, වැලි, සිමෙන්ති දිහා බලාගෙන මව් මළ දුක් විඳින්න තරම් මම මෝඩද? ගඩොල්, වැලි, සිමෙන්තියෙන් හැදුණු බිත්තිය ඇසුරු කරගෙන තියෙන චිත්‍රය දිහා බලාගෙන මව් ලෙඩ වූ දුක විඳින්න තරම් මම මෝඩද, ඕකට සමානයි එහෙමනම් කුණුප කොටස් ටිකක් ඇසුරු කරගෙන ගඩොල්, වැලි, සිමෙන්තියෙන් තියෙන වර්ණ සටහන දිහා බලාගෙන මව් මළ දුක විඳින්න තරම් මෝඩද? පියා මළ දුක විඳින්න තරම් මම මෝඩද? කියලා උත්තරයක් එයි. මේකට කියන්නේ යෝනිසෝමනසිකාරය කියලයි. ඔහොම කරන විට කරනවිට බාහිරෙන් ඉන්නවා තියෙනවා කියන හැගීම් ටික ටික අඩුවෙනවා. අඩුවෙන්න අඩුවෙන්න මෙහි සිතිවිලිත් තොරතෝංචියක් නැතිව කෙළවරක් නැතිව එකිනෙකා ගැන සිහිවෙමින් සහිකරමින් උපදින මෙන්න මේ මනසේ ගතිය ටික ටික අඩුවෙනවා. මේක අඩුවෙන්න අඩුවෙන්න දුක හොඳට පිරිසිඳ දකිනවා. දුක පිරිසිඳ දකින්න දකින්න සමුදය දුරු වෙනවා. මේ විදිහට කරද්දී මේ සිතෙනකම තමන් තුළම සන්සිඳීමට පත්වෙනවා. සිත , කය දෙක පිනවාගිය අතිශය ප්‍රමෝධමත් තැනකට එනවා. අනේ අවිද්‍යාව නමැති කෝෂයෙන් එළියට එන්න පුළුවන් වුණා නේද කියලා එයා දකිනවා මේ මුලුලෝකයම අවිද්‍යාව තුළ නේද ඉන්නේ? තමන්ගේ මනස තුළ කෙනෙක්ව සිහිකරගන්නවා මේක හිතේ පවතින සමුදය සත්‍යය. රාග, ද්වේශ, මෝහ කෙලෙස් ගුලිය කියලා පෙන්වන්නේ නැහැ.
ආයෙත් දුකෙඛ ඤාණං දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ නොදන්නකම නිසා මේ කෙලෙස් ගුලිය මතුකර ගන්නවා. සමුදය සත්‍යය ඇති කරගන්නවා. නැවත සමුදය සත්‍ය උදව්කරගෙන දුක් වු ස්කන්ධ ටික හදා ගන්නවා. දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ නොදන්නාකම නිසා සමුදය හදා ගන්නවා. මේ සමුදය සත්‍යයෙන් නැවත දුක්වූ ස්කන්ධ ටික හදාගන්නවා මේ චක්‍රය කෙළවරක් නැහැ. ලෝකය කියන්නේ දුක්ඛ සත්‍යයටයි. සමුදය සත්‍යයටයි නේද කියලා පෙනෙයි. අම්මා කියලා මට සිතෙන ටික සමුදය සත්‍යයයි. මෙය කුමකට උපකාරද? බලන්න යනවා කියලා කරන්නේ සිතේ තියෙන මේ නාම ධර්ම අරමුණු කරලා සිත මේ කයට අරමුණු කරලා ආයතන ටික හදාගන්න එක. ආයතන ටික හදාගනිද්දී අම්මා දැක්කා නෙමෙයි. අනාත්ම වූ ආයතන ටික නැවත හැදෙනවා. හැදෙන විටම දුක පිරිසිඳ නොදන්නා නිසා ආයතන ඉදිරියට ආපු මේ හම්බ වූ ආයතනයන්ගේ ඇත්ත නොදකින විටම ආයෙත් මේ කෙලෙස් ගුලිය ප්‍රපංච ටික මනසේ යෙදෙනෙවා. ආයෙත් දුක පිරිසිඳ නොදන්නාකම නිසා, සමුදය සත්‍යය. ආයෙත් සමුදය නිසා මොකද වෙන්නේ? තණ්හාව නිසා දුක හටගන්නවා කියලා කියන්නේ මේ කෙලෙස් මුල්කරගෙන ආයෙත් ස්කන්ධ ටික හදාගන්නවා. ආයෙත් ස්කන්ධ ටික පිරිසිඳ නොදන්නාකම නිසා ඒ කියන්නේ අම්මා කියන හැඟීම මුල් කාරණාව වෙන්නේ කුමටද මට? ආයෙත් බලන්න යනවා කියලා කියන්නේ. ඇහැ සාදාගන්න රූපය සාදාගන්න. චක්ඛු විඤ්ඤාණය උපදවා ගන්නයි උදව්වෙලා තියෙන්නේ . දුක්වූ ස්කන්ධ ටික හදාගන්න . ඔන්න බලන්න ගියා කියන්නේ ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය උපන්නා. අනේ පෙනෙනවා කියන්නේ මෙතන මහා භූත සහ වර්ණ සටහනක් තියෙන තැනක් නේද? එහෙනම් මේ කෙලෙස් ටික මනසේ නේද ඇතිවෙලා තියෙන්නේ කියලා දුකයි සමුදයයි දෙක ආයෙත් තේරුම් ගන්නේ නැහැ. ඒ නොදන්නාකම නිසා ඒ දුක් වූ ස්කන්ධ ටික නොදන්නාකම නිසා ආයෙත් මේ අම්මා එක්කයි කතා කරන්නේ. කියලා හැඟීම මට ආයෙත් මනසෙ උපදිනවා. ඔන්න අවිද්‍යාව නිසා ආයෙත් ක්ලේෂය, ආයෙත් කෙලෙස්ටික කුමක් පිණිසද තියෙන්නේ? ඊළඟ දවසෙත් අම්මා බලන්න පුළුවන්කම ආයතන ටික හදන්න. මේක නෙවෙයි ද මුලු ලෝකයම කරන්නේ කියලා බලන්න. අවිද්‍යාව නිසායි ආශ්‍රව, එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් පෙර ආයතන ටික පිරිසිඳ නොදැක්ක නිසා දැන් මට අම්මා තාත්තා කියලා සිහිකර ගන්න පුළුවන්කම ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ තණ්හාව නැති කළොත් මේ තණ්හාව තියෙන නිමිත්ත අද මම නැති කළොත් දුක පිරිසිඳ දැකලා තණ්හාව දුරු කළොත් නැවත දුක් වූ ස්කන්ධ ටික හදන්න යන්නේ නැහැ.
ඒ කියන්නේ අම්මා කියලා සිහිවෙද්දීම මම සිහිපත්කරගන්නවා මෙතන තියෙන සැබෑම ඇත්ත කුමක්ද? මම අම්මා කියලා සිහිකර ගනිද්දිත් එතන තියෙන්නේ අනාත්ම වූ සත්ව, පුද්ගල, නොවන, මහා භූත සහ උපාදාන රූපයන් නේද? බලන්න කියලා ගියහමත් අනාත්ම වූ සත්ත්ව, පුද්ගල නොවන මහා භූත රූපයක් ඇස් හමුවට එයි නේද කියලා බලන්න. මෙහෙම දෙපැත්තට හැම වෙලාවෙම මේ මනසෙ ඇති නිමිත්ත අයින් කරන්න. දෙපැත්තට භවය විදර්ශනා කරන්න ඕන. ඒ කියන්නේ පුබ්බන්තෙ ඤාණයට , අපරන්තෙ ඤාණයට , පුබ්බන්තාපරන්තෙ ඤාණයට යන්න මේ නිමිත්ත ඇතිවෙන්න හේතුව පෙර පැත්තට ගන්න. මෙහෙම මට නිමිත්තේ හදාගන්න පුළුවන්කම මනසෙ තිබුණට මේ නිමිත්ත හදාගන්න තැන සැබැම ඇත්ත බලන්න. ඒ හම්බ වූ ඇසේ ඇත්ත බලන්න. ඒ රූපයේ ඇත්ත බලන්න, ඒ දෙන්න නිසා එහෙමනම් මේ ගතියයි එදත් සිහිවෙලා තියෙන්නේ. මේ ගතියම කියන එක පුබ්බන්තෙ ඤාණය බලන්න යන පැත්ත මම සිහිකරගන්න කියලා ගිය විටත් මෙහෙම ඇත්තක් කියලා ගිය විටත් මෙහෙම ඇත්තක් හම්බවෙනවිට මේ ගතියම සිහිකරයි කියන ටික අපරන්තෙ ඤාණය. ඔය ටික විතරක් උඩට යටට පෙරළ පෙරළා ඉන්න. මුකුත්ම ඕන නැහැ. මහා ගැඹුරු දහම් කරුණු පෙනෙන දේ අල්ලන්න බැහැ. අල්ලන දේ පෙනෙන්නේ නෑ වගේ මේ මුකුත් මහා ගැඹුරකට ඕන නැහැ. හැබැයි, ඔය කරන දේ තුළ දක්ෂයෙක් වෙන්න. යම්තාක් මහ මුහුද අනුක්‍රමයෙන් අනුපූර්ව ටිකෙන් ටික ගැඹුරු වෙලා තියෙනවා වගේ මේ සද්ධර්මයේ මහා විශාල ගැඹුරක් තියෙයි. අනුක්‍රමයෙන් මේ පින්වතුන්ව අරගෙන යයි.
ඉතිං, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණ නිසා , අවබෝධ කර නොගැනීම නිසායි අප මේ සසරෙ හැමදාම ඇවිද්දේ. දුක වින්ඳේ කියලා පෙන්නුවේ. අපේ මනසේ ඇති වැරැද්ද හදාගන්න හම්බ වුණේ නැහැ කියන එකයි.
බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණත් නැතත් ලෝකයේ සැමදාම පැවතුන, පවතින ඇත්තක් තමයි අපේ ඇස් ඉදිරිපිටට ආවේ.

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X