ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

විශ්වයෙහි සියලු ජීවීන් නිර්වාණය අවබෝධ කර අවසන් වූ කිසියම් කාලයක් පැමිණෙනවා ද....?

ඉතා විශාල කාල සීමාවකට පසු විශ්වයෙහි සියලු ජීවීන්
නිර්වාණය අවබෝධ කරගනු ඇතැයි විශ්වාසයක්
සමහර බෞද්ධයන් තුළ පවතී.
මෙම විශ්වාසයට හේතු වී ඇත්තේ
විශ්වයෙහි අනන්ත ස්වභාවයෙහි ගුණයන් පිලිබඳ ව ඇතිකර ගන්නා ලද
වැරදි වැටහීම නිසා විය නොහැකි ද....?
එහෙයින් අපි
මෙහි ඇත්ත නැත්ත
යථාර්ථමය වශයෙන් විමසා බලමු....

මෑත ඉතිහාසයෙහි දී බුද්ධත්වය අවබෝධ කරගත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ
අතීතයේදී ලොව පහළ වූ බුදුවරුන් ගණනාවකින් එක් බුදුවරයෙකු බව සත්‍යයකි.
මෙම කල්පය තුළ පහළ වූ
කකුසඳ - කෝණාගම - කාශ්යප නම් බුදුන් වහන්සේලා තිදෙනෙකු පිළිබඳවද
බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වෙයි.
අපගේ වර්තමාන විශ්වයට පෙර තිබූ විශ්වයෙහි පහළ වූ
බුදුන් වහන්සේලා විසිහතර නමක පිළිබඳව ද බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වෙයි.
අතීතයේදී නිර්මාණය වී, විනාශ වී ගිය විශ්වයන් දෙස බැලීමේදී
විවිධ බුද්ධකාලයන් විශාල සංඛ්‍යාවක්
බුදුන් වහන්සේ විසින් උන්වහන්සේගේ සර්වඥතා ඥානයෙන් නිරීක්ෂණය කරන ලදී.
කෙටියෙන් කිවතොත් අතීතයෙහි පහළ වූ බුදුවරයන් වහන්සේලාගේ සංඛ්‍යාව අනන්තයකි.

වර්තමාන විශ්වය පවතින අතරතුරම
අනාගතයෙහි දී තවත් එක් බුදුවරයන් වහන්සේ නමක් පහළ වනු ඇත.
මේ අනුව
වර්තමාන විශ්වයට පරිණාම කාල පරිච්ඡේදයන් හෙවත් බුද්ධ කාලයන් පහක් ඇත.
පස්වැනි බුදුන් වහන්සේ වන මෛත්‍රී බුදුන් වහන්සේ පහළ වී,
ශීෂ්ටාචාරයට උන්වහන්සේගේ බලපෑමද ක්‍රමයෙන් හීන වී ගිය පසු
මෙම විශ්වය අවකාශය තුළ විසිරී විනාශ වනු ඇත.
මේ අනුව
අවුරුදු බිලියන ගණනක් පැවතුණා වූ මෙම විශ්වය තුළ අඩංගු සියලුම ද්‍රව්‍යය කොටස්,
නිදහස් ශක්ති කොටස් බවට පත්වනු ඇත.

විශ්වය අවසානයේ සියලු භෞතික ජීවීන්ට
ඔවුන්ගේ පරිණාමික ශක්තිය අහිමි වූවත්,
මෙම කාල සීමාව තුළ ඔවුනට විඳීමට සිදුවන අසීමිත වේදනාවන් නිසා
ඔවුන්ගේ අකුසල ශක්තීන් ක්‍රරමයෙන් ගෙවා දමමින්,
පරිණාමික ශක්තිය නැවත ක්‍රමයෙන් වර්ධනය කර ගනිති.
මෙලෙස අවශ්‍ය තරම් සංඛ්‍යාත් ජීවීන්
පරිණාමික ශක්තිය දියුණු කරගත් විට
විවිධ භෞතික පරිණාමික පියවරයන් තුළින් 
විශ්වය නැවත ගොඩනැඟී නිර්මාණය වෙයි.

අපගේ වර්තමාන භෞතික විශ්වයට සමාන පිළිවෙළින්ම
අනාගත විශ්වයන්ද, බුදුන් වහන්සේලා පහළ වීමට සුදුසු ප්‍රමාණයට
ඒවායේ ජීවීන්ගේ ශිෂ්ටාචාරය පරිණාමය කරගනු ඇත.
අතීතයේදී බුදුන් වහන්සේලා අනන්ත සංඛ්‍යාවක් පහළ වූවා සේම
අනාගතයෙහිදීද බුදුන් වහන්සේලා අනන්ත සංඛ්‍යාවක් පහළ වනු ඇත.
වර්තමාන විශ්වය තුළ පහළ වූයේ බුදුන් වහන්සේලා පහක් පමණක් වන ලෙසම
එක් විශ්වයක් තුළ පහළ වන්නේ සාමාන්යයෙන් බුදුන් වහන්සේලා කිහිප නමක් පමණි.
එක් විශ්වයක් තුළ පහළ වන බුදුන් වහන්සේලා සංඛ්‍යාව එතරම් කුඩා ගණනක් වුවත්,
එලෙස පහළ වන විශ්වයන්ගේ සංඛ්‍යාව අනන්තයකි.
එක් විශ්වයක් තුළ පහළ වන්නේ එක් බුදුන් වහන්සේ නමක් පමණක්ම වූවත්,
අනාගතයෙහිදී නිර්මාණය වීමට තිබෙන විශ්වයන්ගේ සංඛ්‍යාව අනන්තයක් වන බැවින්
අනන්ත බුදුවරයන් වහන්සේලා සංඛ්‍යාවක් පහළ වනු ඇත.
කිසිදා කෙළවර නොවන විශ්වයන් දාමයක් නිර්මාණය වනු ඇති අතර
එම සෑම විශ්වයක් තුළම අඩුම වශයෙන් එක් මනුෂ්ය ජීවියෙකු හෝ
බුද්ධත්වය අවබෝධ කරගනු ඇත.

බුදුන් වහන්සේ නමක යනු,
නිර්වාණය සොයා ගන්නා උත්තමයෙකි.
භෞතික ජීවීන් පරිණාමයෙන් වැඩිදියුණු වී,
මනුෂ්‍යයන් හා සමාන ප්‍රමාණයට බුද්ධිය දියුණු කරගත් විට
විශ්වයේ අවසාන සත්‍යයන් සොයා බැලීමට ඔවුන් පෙළැඹීම සාමාන්‍යය දෙයකි.
නිර්වාණය යනු,
විශ්වයෙහි අවබෝධ කිරීමට ඇති අවසාන වූ පරම සත්‍යය වන අතර
සෑම භෞතික පරිණාම කාල පරිච්ඡේදයක් තුළම
එම සත්‍යය සොයා ගන්නා පළමුවන පුද්ගලයා
"බුද්ධ" නම් වූ බුද්ධියේ පාරප්‍රාප්ත වූ උත්තරීතර තත්ත්වයකට පත්වෙයි.
නිර්වාණය පළමුව සොයා ගන්නා කිසි කෙනෙක්
එම සොයා ගැනීම
තමා වෙත පමණක් තබා නොගන්නා අතර
තම සොයා ගැනීමේ වැදගත් බව සහ අගය
අන් අයටද පහදා දෙයි.
එවැනි සොයා ගන්නන්ගෙන් තවත් බොහෝ අය
ඉමහත් ප්‍රයෝජන ලබන අතර
බොහෝ දෙනෙකු ඔවුන් විසින්ද නිර්වාණය අවබෝධ කරගනිති.
මෙලෙස,
බුදුන් වහන්සේ කෙනෙකු ලොව පහළ වූ විට
තවත් බොහෝ අය නිර්වාණය අවබෝධ කරගනිති.

යම් පුද්ගලයෙකු නිර්වාණය අවබෝධ කරගත් පසු
කිසිවිටෙක,
නැවත භෞතික ජීවිතය කරා නොයයි.
වෙනත් වචනවලින් කිවතොත්
කිසියම් පුද්ගලයෙකු නිර්වාණය අවබෝධ කරගන්නා සෑම අවස්ථාවකම
විශ්වයට එක් සිත් කොටසක් සදහටම අහිමි වී යයි.
මෙම ක්‍රියාවලිය සදාකාලිකවම
අනන්ත වූ කාල පරිච්ඡේදයන් තුළ සිදුවනු ඇති අතරම,
අනන්ත සංඛ්‍යාවක් බුදුවරයන් වහන්සේලා විසින්
නිර්වාණය අවබෝධ කරගනු ඇත.
ඊට අමතරව
සෑම බුදුන් වහන්සේ කෙනෙකුම
තවත් බොහෝ දෙනෙකුට නිර්වාණය අවබෝධ කරගැනීමට සහාය වනු ඇ

ප්‍රශ්නය වන්නේ,
භෞතික විශ්වයෙන් සදහටම ඉවත් වන්නා වූ මෙම ජීවීන් නිසා
භෞතික විශ්වය තුළ ජීවීන්ගේ හිඟයක් ඇතිවන්නේද යන්නයි.
එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්
ජීවීන්ගේ සංඛ්‍යාව සහ සැපැයුම අනන්තයක් ලෙසත්,
අනන්ත සංඛ්‍යාවක් කිසි විටෙක අවසන් නොවන බවත්
කිව හැකිය.
අනන්ත සංඛ්‍යාවකින් කොතතරම් අනන්ත සංඛ්‍යාවක් අඩු වූවත්
ඉතිරි වන ප්‍රමාණයද
අනිවාර්යයෙන්ම
අනන්තයකි.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙ දෙකිනි මෙසසර දුක් දුර ලන්නේ
සුදනෙනි කිම...? වීර්ය නොකරන්නේ..

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X